දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට!
Homeප්‍රවෘත්ති

පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට!

PropellerAds

‘පැන්ඩෝරාගේ පෙට්ටියේ (Pandora’s Box) මෙම අපූරු කතාන්දරය ඔබට ලියා තැබුවේ ඇයි? පැන්ඩෝරා යන වදන ඔබට පසුගිය කාලයක් පුරා විටින් විට අසන්නට ලැබු...

ඉන්දියාව කටුනායක ගුවන් තොටේදී ලංකාවේ නීතිය නැව්ව?
ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවටම හැදුනුම්පත්… ව්‍යාපෘතිය ඇරඹෙයි!
ආණ්ඩුකාර පුටුව රැකගන්න දේශපාලන නායකයන් පසුපස යයි! ආණ්ඩුකාර තනතුරු හිමිවන අය මෙන්න! දේශපාලකයින් 4යි – පරිපාලන නිලධාරිනියකුත් ඒ අතර!
‘පැන්ඩෝරාගේ පෙට්ටියේ (Pandora’s Box) මෙම අපූරු කතාන්දරය ඔබට ලියා තැබුවේ ඇයි? පැන්ඩෝරා යන වදන ඔබට පසුගිය කාලයක් පුරා විටින් විට අසන්නට ලැබුණු එකක් යැයි සිතමි. එනම් එයට පසුව තවත් වදනක් එකතු වී ‘පැන්ඩෝරා පේපර්ස්’ (Pandora Papers) නොහොත් පැන්ඩෝරා පත්‍රිකා ලෙසින් සවනට වැටුණු බව දැන් හොඳින් මතක ඇත. වත්මන් ලෝකය පුරාම මහත් කතාබහට ලක්ව තිබෙන මෙම පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිවී තිබුණේ කළු සල්ලි නොහොත් රහසිගත ධනය ගැන කියැවුණු වගතුගකි. එය මුළුමහත් ලෝකයටම අදාළව කියැවුණු කතාවක් වූ අතර ශ්‍රී ලංකාවටද එය බෙහෙවින් බලපෑම් සිදුකළ එකකි. එනම් විවිධ ධනවත් පුද්ගලයන් විසින් බොහෝ විට වංචනික ආකාරයෙන් උපයා ගන්නා මහා ධනස්කන්ධයන් විදේශ රටවලදී රහසිගත ආකාරයෙන් තැන්පත් කිරීම මෙම ක්‍රියාවලියයි. මෙහිදී පසුගියදා ශ්‍රී ලංකාවට අදාළවද මෙවැනි විවිධ පුද්ගලයන්ගේ නම්ගම් සහ තවත් විස්තර රාශියක්ද හෙළිවූ අතර එය මෙරට තුළ මහත් ආන්දෝලනයක් ඇතිකළේය. එනම් පැන්ඩෝරාගේ පෙට්ටියෙන් එළියට පැනගත් රහසිගත පත්‍රිකා රාශියකට අනුව යටකී වගතුග හෙළි වන්නට විය.

මෙම වටපිටාවේදී ලෝකයේ මහා බලවතුන් මෙන්ම සුවිශාල ධන කුවේරයන් රැසකගේ නම්ගම්ද එළිපෙහෙළි වන්නට වූ අතර එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 54ක් ද සිටින බව හෙළිවිය. එහිදී පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇති කරමින් මුලින්ම ප්‍රකාශ වූ ශ්‍රී ලාංකික නාමයන් දෙකක් වූයේ ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වූ තිරුකුමාර් නඩේසන්ගේ නාමයන්ය. මෙම යුවලගේ වත්කම් ඩොලර් මිලියන 180ක්ද ඉක්මවූ බවට තොරතුරු ප්‍රකාශ වී තිබිණි. එසේම ඔවුන් විසින් සිදුකරන ලද විවිධ වංචනික ක්‍රියා කිහිපයක්ද මෙම පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබිණි.

මෙලෙස වංචනික අයුරින් විදෙස් රහසිගත ගිණුම්වල ධනය තැන්පත් කරන ලද ලෝකයේ සිටින ධනකුවේරයන් ගැන කටයුතු කිරීමට මේ වන විට නීති සම්පාදක අංශ ක්‍රියාකරමින් සිටියි. එනම් ලොව පුරා සිටින නීති සම්පාදකයන් සහ නියාමකයන් පැන්ඩෝරා පත්‍රිකා ගැන ක්‍රියා කරමින් සිටිති. මෙය ඉතා පුළුල් ආකාරයෙන් සිදුකෙරෙන ජාත්‍යන්තර විමර්ශනයක් ලෙස සැලකෙයි. පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ලෝකයේ මහා ධනකුවේරයන් ගැන ඒ ඒ පිරිස්වලට අදාළ රටවල් තුළදීද මේ වන විට විවිධ විමර්ශනයන් සිදුකෙරෙයි.

පසුගිය 2021 වසරේ අග සිට මෙම විමර්ශනයන් සහ නීති සම්පාදන කටයුතු සිදුකෙරෙන අතර එම කාලයේ සිට ශ්‍රී ලංකාව තුළද එවැනි කටයුතු සිදුකෙරෙමින් ඇත. ඒ සඳහා බොහෝ විට රාජ්‍ය විමර්ශන අංශද සහභාගිව ඇති බව කරුණු ප්‍රකාශ වෙයි. මෙම ද්විපාර්ශ්වික පියවර උදෙසා ලෝකයේ සිටින ප්‍රවීණ නීති විශාරදයන් මූල්‍ය උපදේශකයන්, ගණකාධිකාරී විශේෂඥයන්, දේපළ වෙළෙඳාම් වෘත්තිකයන්, මහජන සම්බන්ධතා වෘත්තිකයන් සහ කලා කෘති විශේෂඥයන්ද සහභාගි වන බව කරුණු ප්‍රකාශ වී ඇත.

මෙහිදී ප්‍රධාන වශයෙන් මුදල් විශුද්ධිකරණය සහ බදු පැහැරහැරීම ආශ්‍රය කරගෙන මෙම විමර්ශනයන් සිදුකෙරෙනු ඇත. 2021 වසරේ මැද භාගයේදී එළිදැක්වුණු පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වට ප්‍රථම 2016 වසරේදී මුල් වතාවට ලොවට හෙළිදරව් වූයේ පැනමා පත්‍රිකාවල වගතුගය. එනම් මෙම සුවිශේෂ හෙළිදරව් දෙකම සිදුකරනු ලැබුවේ ලෝකයේ තිබෙන ප්‍රධානතම මාධ්‍ය විමර්ශන සංවිධානයක් වන ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (International Consortium of Investigative Journalists) නොහොත් කෙටියෙන් හඳුන්වන ICIJ විසිනි. එහිදී ලෝකයේ රටවල් 90කට අයත් විවිධ පුද්ගලයන්ගේ විවිධ වංචනික මූල්‍ය ගනුදෙනු ගැන හෙළිදරව් කිරීම සිදුකරන ලදී. මෙලෙස දැනට එළිදැක්වී ඇති ඉහත රහසිගත ලේඛනවල නම් සඳහන් ධනකුවේරයන්ගේ ව්‍යාපාරවලට ගලා එන මුදල් පිළිබඳ පසුබිම් පරීක්ෂා කිරීම සහ එම ක්‍රියාවලීන්ගේ මූලාරම්භයන් ගැන පුළුල් ලෙස විමර්ශනය කිරීමද අදාළ විමර්ශන අංශවල ප්‍රධානතම කාර්යභාරය වෙයි. මෙහිදී ජාත්‍යන්තර දූෂණ විරෝධී විශේෂඥයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම විමර්ශනයන් සඳහා අඩුම වශයෙන් වසර දෙකක කාලයක්වත් ගතවන බවය. එනම් 2023 වසරේ අගදී පමණ එම විමර්ශනවල ප්‍රතිඵල දැකිය හැකි බවය.

‘මෙය ගෝලීය තත්ත්වයක ඇති ප්‍රබල දූෂණ වංචා ක්‍රියාවලියක් හෙයින් එය වර්තමාන ලෝකයේ මුළුමහත් ප්‍රජාතන්ත්‍රවාදයටම තර්ජනයක්’ වී ඇතැයි මේ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ වී ඇති විවිධ ජාත්‍යන්තර දූෂණ විරෝධී සංවිධාන ප්‍රකාශ කර සිටියි. මෙම පුළුල් ජාත්‍යන්තර විමර්ශනය සඳහා මේ වන විට ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ ලෝකයේ තිබෙන ප්‍රධානතම ජාත්‍යන්තර මූල්‍ය විමර්ශන සංවිධානයක් වන මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බළකාය (Financial Action Task Force – FATF) යන සංවිධානයක් වන අතර එහි මූලස්ථානය ඇත්තේ ප්‍රංශයේ පැරිස් නගරයේය. ලෝකයේ රටවල් 40ක් දැනට මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි. එසේම පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකා ආශ්‍රිතව ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිතව මෙතෙක් සිදුකළ අපරාධ විමර්ශනයන් සහ අධිකරණ ක්‍රියාමාර්ග මත මේ වන විටද යම් පුද්ගලයන් වෙත දඬුවම් පැමිණවීමද සිදුකර ඇත. එම සුවිශේෂ සිදුවීම් කිහිපයක් මෙසේ ගෙනහැර දැක්විය හැකිය.

පැනමා රාජ්‍යයේ පිහිටුවා තිබෙන එමෙන්ම ලෝකයේ රටවල් 44ක ශාඛා කාර්යාලද පිහිටුවා තිබෙන අති විශාල නීති සමාගමක් වන මොසේක් ෆොන්සේකා සහ සමාගමට (Mossack Fonseca) එරෙහිව ජර්මනියේ මහාධිකරණයක් විසින් නඩු පැවරීම සිදුකරන ලදී. එයට ප්‍රධාන හේතුව වූයේ පැනමා රාජ්‍යය තුළ සිදුකරනු ලැබූ ඉහත ධනකුවේරයන්ගේ මූල්‍ය විශුද්ධිකරණ කටයුතු සඳහා 75%ක පමණ විශාල සහයෝගයක් ලබාදී ඇත්තේ මෙම නීති සමාගම විසිනි. එනම් එම නීති විරෝධී කටයුතු සිදුකිරීම සඳහා ධනකුවේරයන්ට අවශ්‍ය සියලු කටයුතු සංවිධාන කර ඇත්තේ මෙම පැනමා නීති සමාගම විසිනි. සේවකයන් 500කට අධික පිරිසක් සේවය කරනු ලබන එම නීති ආයතනයේ විදෙස් රටවල ශාඛා හරහා ධනකුවේරයන්ගේ මෙම කටයුතු සිදුකර ඇති අතර පසුව නීති විරෝධී අයුරින් පැනමා වේ සහ තවත් දූපත් රාජ්‍ය කිහිපයක මුදල් තැන්පත් කිරීම සිදුකරන ලදී. මේ අනුව මෙම නීති සමාගමට අතිශය උච්ච ලෙස චෝදනා ගොනුවූ අතර මුලින්ම නඩු පවරනු ලැබුවේ ජර්මානු අධිකරණයක් විසින් වන අතර එහිදී චූදිතයන් ලෙස නම්කරනු ලැබුවේ යටකී සමාගමේ අයිතිකරුවන් දෙදෙනා වන ජර්ගන් මොසේක් සහ රමොන් ෆොන්සේකා යන දෙදෙනාය. මෙහිදී ජර්ගන් මොසේක් යනු ජර්මානු ජාතික නීති විශාරදයකු වූ අතර රමොන් ෆොන්සේකා යනු පැනමා ජාතික නීති විශාරදයකු සහ දේශපාලකයකු විය. මොවුන් දෙදෙනාද ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් වූ අතර එහෙයින්ම ඔවුන්ගේ නීති සමාගම හරහා අනෙකුත් ධනකුවේරයන් නීති විරෝධී අයුරින් විදෙස් රටවලින් ධනය ගෙනැවිත් පැනමා රාජ්‍යය තුළ තැන්පත් කරනු ලැබුවේය.

කෙසේ හෝ මෙම සුවිශාල මූල්‍ය වංචාව මුලින්ම හෙළිකරනු ලැබුවේ ජාත්‍යන්තර ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් වන අතර ඔවුන්ට එහිදී ඉතා රහසිගත ආකාරයෙන් ඉහත නීති සමාගම සතු රහස්‍යමය ලිපි ලේඛන මිලියන ගණනක් ලැබිණි. ඒ අනුව මෙම තොරතුරු ලොවට හෙළිදරව් විය.

එසේම පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල ඉතා ප්‍රබල ලෙස නම සඳහන් වූ මූල්‍ය විශුද්ධිකරණ චෝදනා ලබා සිටින ඇමෙරිකාවේ වෙසෙන මහා ධනකුවේරයකු වූ හැරල්ඩ් ජෝකිම්ට එරෙහිව පසුගිය කාලයේ එරට ෆෙඩරල් අධිකරණය විසින් නඩු පවරනු ලැබුවේය. මෙම නඩුව බොහෝ ආන්දෝලනාත්මක අයුරින් විනිශ්චය කෙරුණු අතර අවසානයේදී හැරල්ඩ් ජෝකිම් වසර 4ක දීර්ඝ සිරදඬුවමකට යටත් විය. ඔහු දැනටත් මෙම සිර දඬුවම විඳිමින් සිටියි. පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකා ආශ්‍රිත සිදුවීමේදී මෙතෙක් ලබාදී ඇති ඉහළම දඬුවම එය ලෙස සැලකෙයි.

පැනමා පත්‍රිකා මූල්‍ය විශුද්ධිකරණය ආශ්‍රිතව ඉතා ප්‍රබල ලෙස චෝදනා ලබා සිටි අයිස්ලන්තයේ අගමැති සිග්මනෝර් ගුන්ලුග්සන් 2016 වසරේදී අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. ඔහුට මෙම චෝදනා එල්ල වූ විට එරට ජනතාවගෙන් සහ විවිධ පාර්ශ්ව හරහා දැඩි විරෝධයක් එල්ල විය. එය මහා ජන අරගලයක් බවට පත්වූ අතර ලක්ෂ ගණනක ජනතාව වීදි බසින්නට වූහ. අවසානයේදී අගමැතිවරයා ඉල්ලා අස්වූ අතර ඔහුට එරෙහිව අධිකරණයෙහි නඩු විභාග වෙමින් ඇත.

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් කිහිප දෙනකුට එරෙහිවද පැන්ඩෝරා පත්‍රිකා චෝදනා එල්ලවී තිබිණි. කෙසේ හෝ පසුගිය 2022 අප්‍රේල් මාසයේදී ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේදී ගෙන එන ලද විශ්වාසභංග යෝජනාවෙන් පරාජය වී අගමැති ධුරයෙන් ඉවත් කෙරිණි. කෙසේ හෝ මේ ආකාරයට එවැනි චෝදනා ලැබූ රාජ්‍ය නායකයන් රැසකට තමන්ගේ රටවල් තුළදී විවිධ අර්බුද සහ ජන විරෝධතාවලට මුහුණ දෙන්නට විය.

මෙම පැනමා පත්‍රිකා සහ පැන්ඩෝරා පත්‍රිකා චෝදනාවලට අමතරව මෙවැනි වංචනික ධනකුවේරයන්ට එරෙහිව එල්ලවුණු අනෙක් චෝදනාවන් වන්නේ ස්විස් බැංකුවේ හොර රහසේ ධනය තැන්පත් කිරීමය. එය ශ්‍රී ලංකාවේ කෝටිපතියන්ටද පොදු සාධකයක් වී ඇත. එනම් මෙරට සිටින ප්‍රකට දේශපාලකයන් කිහිප දෙනකු සහ ප්‍රකෝටිපතියන්ද ඒ ආකාරයෙන් ස්විස් බැංකුවේ රහසිගතව ධනය තැන්පත් කර ඇති බවට චෝදනා රාශියක් ඇත. මෙම ස්විස් බැංකුව යනු කුමක්ද? මෙම මූල්‍ය ආයතන ස්විට්සර්ලන්තයේ පිහිටා ඇති අතර ලෝකයේ තිබෙන අතිශය ඉපැරැණි බැංකුවලින් එකකි. වසර 168ක් පැරැණි මෙම බැංකුව මුලින්ම ආරම්භ කරනු ලැබුවේ 1854 වසරේදීය. ලෝකයේ ධනවත්ම බැංකුවලින් එකක් වන මෙය සතුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 350ක පමණ වත්කම් ඇත. ලෝකය පුරා විවිධ සුවිශාල බැංකු රාශියක් තිබුණද විදෙස් රටවල ධනකුවේරයන් විශාල ප්‍රමාණයක් ස්විස් බැංකුවේ තම ධනය තැන්පත් කිරීමට පෙලඹී සිටිති. එයට හේතුව එම බැංකුව සතු විශ්වාසවන්තභාවය මෙන්ම රහස්‍යභාවයද හේතුකර ගෙනය.

කෙසේ හෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ප්‍රකාශ වී ඇත්තේ මේ ආකාරයෙන් ලෝකයේ ධනකුවේරයන් විසින් හොර රහසේ සඟවාගෙන ඇති ධනය ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 32කට අධික බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ මේ ආකාරයට නීති විරෝධීව මුදල් සඟවා තැබීම හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා රාජ්‍යයන්ට ඇමෙරිකානු ඩොලර් බිලියන 600ක පමණ මුදලක් අහිමි වන බවය. මෙම ධනය රටක යම් ජනතා අභිවෘද්ධියක් වෙනුවෙන් භාවිත කළ හැකි මුදල් ලෙසද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අර්ථකථනය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පවුලක් විසින් මෙලෙස විදේශයන්හි සඟවාගෙන තිබෙන ධනයද ඩොලර් බිලියන ගණනක් යැයි මෙරටින් දවසේ පැය 24 පුරාම අසන්නට ලැබෙන කතාන්දරයකි. එහෙත් ඔවුන්ට මෙතෙක් ලැබුණු නිසි දඬුවමක්ද නැත. එහෙත් දේව දඬුවම් නම් මඟ පැමිණෙන අයුරු දක්නට හැකිය.

ප්‍රියන්ත හෙට්ටිගේ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට!
පැනමා පැන්ඩෝරා චූදිතයන්ට එරෙහිව ලැබෙන දඬුවම්… ශ්‍රී ලංකාවෙන්ම චූදිතයන් 52ක ලැයිස්තුවක්… පළමු වරට ඇමෙරිකානු ධන කුවේරයකු වසර 04ක් සිරගෙට!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsuNynf2H07Ujpi8_EeSK9Rp3R5f-_CRa-cM1W9hWiw9AQgJT7O8bwO40MTdSIy0ulmyU_ZeM1p9SZHyuudNr2VO6ZxjVDZc-hF13UOhjBJjsyVyCBKuUf2BLxdnJtuP7_tTiwMsh-ihjZudQmA_ntQTjIQBuBMlcf2ti2tiPpJO6pkFTICZSVOA/w320-h168/Pandora-Papers.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsuNynf2H07Ujpi8_EeSK9Rp3R5f-_CRa-cM1W9hWiw9AQgJT7O8bwO40MTdSIy0ulmyU_ZeM1p9SZHyuudNr2VO6ZxjVDZc-hF13UOhjBJjsyVyCBKuUf2BLxdnJtuP7_tTiwMsh-ihjZudQmA_ntQTjIQBuBMlcf2ti2tiPpJO6pkFTICZSVOA/s72-w320-c-h168/Pandora-Papers.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/12/52-04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/12/52-04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy