2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහය ලබා ගැනීම එම ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමේ උ...
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ සහය ලබා ගැනීම එම ප්‍රහාරයේ තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් බවට ශ්‍රී ලංකා පල්ලියේ බලධාරීන් සැක පහළ කොට තිබේ.

ශ්‍රී ලංකා පල්ලියේ බලධාරීන්, මානව අයිතිවාසිකම් පිළිබද ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ මෙම විමර්ශන සදහා ස්වාධීන විශේෂඥයින් සහ විමර්ශකයන්ගෙන් සමන්විත පුළුල් ජාත්‍යන්තර කණ්ඩායමක් පිහිටුවීම අත්‍යවශ්‍ය බවකි.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා USAID පරිපාලක සමන්තා පවර් සමඟ පැවති සාකච්ඡාවකදී හෙළිදරව් කළේ බෝම්බ ප්‍රහාරයේ සැඟවුණු හස්තයක් තිබේ නම් පරීක්ෂණ වාර්තා සමාලෝචනය කරන ලෙස ස්කොට්ලන්ඩ්යාඩ් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාරු කරන ලද පාස්කු ප්‍රහාරයේ විමර්ශනයට සම්බන්ධ විමර්ශකයින් නැවත ගෙන්වා සත්‍ය හෙළි කිරීමට විදේශික නියෝජියන්ගෙන් සමන්විත “හයිබ්‍රිඩ්” කණ්ඩායමක් පිහිටුවිය යුතු බව රොහාන් සිල්වා පියතුමා සහ ‘අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ‘ ඉල්ලා සිටියහ.
පල්ලිය වෙනුවෙන් අදහස් දැක්වූ පියතුමා කියා සිටියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුමන්ත්‍රණය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීම සඳහා රජය ස්වාධීන විනිසුරුවන්, දේශීය හා ජාත්‍යන්තර පොලිසිය ඇතුළු විනිවිදභාවයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් පිහිටුවිය යුතු බවයි.
ත්‍රස්තවාදී ක්‍රියාව පිළිබඳව කලින් තොරතුරු තිබූ නමුත් එය වැළැක්වීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට යෝජනා කළද එය වැළැක්වීමට අපොහොසත් වූ බව ජනාධිපති විමර්ශන කොමිසම වාර්තා කොට තිබිණ.
පිපිරීම් සිදුවී මාස කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති වූ විට, මෙහි තොරතුරු වසන් කිරීමේ උත්සාහයක් ලෙස ඇතැම් විමර්ශන නිලධාරීන් ඉවත් කරන ලද බවකි.
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය අනුප්‍රාප්තික රජයන් විසින් හසුරුවන ආකාරය පිළිබඳව ජනතාව අවධානයෙන් සිටින බවත් ඇතැම් දේශපාලනඥයන්, බුද්ධි අංශ නිලධාරීන් සහ ප්‍රහාර එල්ල කළ කණ්ඩායම අතර ඇතැයි කියන සම්බන්ධතා පිළිබඳ සත්‍යය දැන ගැනීමට අවශ්‍ය බවත් සිල්වා පියතුමා පැවසීය.
“විනිවිදභාවය නොමැතිකම නිසා වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් රජයේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා පිළිගැනීමට සූදානම් නැත,” යැයි ඔහු පැවසීය.
සමාජ හා ආගමික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා ලෙස පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට යුක්තිය පසිඳලීම සඳහා දීර්ඝ උසාවි සටනක් දියත් කළ සිල්වා පියතුමා පවසන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් සඟවා ඇති බවට සැක කිරීමට පල්ලියේ බලධාරීන්ට ප්‍රමාණවත් හේතු ඇති බවත් එය මෙතෙක් හෙළි වී නොමැති බවත්ය.
සැප්තැම්බර් 12 වැනිදා ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉඩ ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

COMMENTS