ශ්රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවේ සිටින දෙලක්‍ෂ හතළිස් හත්දහසක පිරිස නඩත්තු කිරීමට ජනතාවට නොහැකි බවත් එම නිසා වහාම එම පිරිස අඩු කරන ලෙසත් ජිනීව...
ජනතාවට ආහාර මිලයට ගැනීමට වත්කමක් නැති අවස්ථාවේ හමුදාවේ ආහාර වියදම රුපියල් කෝටි 10ක් බව ද සඳහන් කර තිබේ.
දැන් පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් 51 වැනි සමුළුව හමුවේ සඳහන් කර ඇති තොරතුරුවලට අනුව ලබන වසර සඳහා හමුදාවේ වියදම රුපියල් බිලියන 373කි. එය මේ වසරට වඩා සියයට 14ක වැඩිවීමකි.
ඔස්ටේ්‍රලියාව, කැනඩාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජපානය, මැලේසියාව සහ නෙදර්ලන්තය වැනි රටවල් පරදවමින් ශ්‍රී ලංකා හමුදාවේ පිරිස දෙලක්‍ෂ හතළිස් හත්දහසක් දක්වා වැඩි වී තිබෙන බවද එහිදී සඳහන් වී තිබේ.
මේ නිසා ආරක්‍ෂක හමුදාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්‍ෂක වැය අඩු කිරීම කළ යුතු බව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නිර්දේශ කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය
Divaina

COMMENTS