දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝඨා ජනාධිපති වුණාට පස්සේ කරපු පළමුවැනි සමීක්ෂණයේ ප්‍රතිපල එළියට එයි!
Homeප්‍රවෘත්ති

ගෝඨා ජනාධිපති වුණාට පස්සේ කරපු පළමුවැනි සමීක්ෂණයේ ප්‍රතිපල එළියට එයි!

PropellerAds

‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ ‘මැතිවරණ’ පැවැත්වීම පිළිබඳව ‘ජනමත විචාරණයක්’ (මහජන මත විමසුමක්) පසුගිය වර්ෂයේ (2021) නොවැම්බර් සහ දෙසැම්බර්...

මැතිවරණය ප‍්‍රකාශයට පත් කරන්න සූදානම්!
“මැරෙන්න බයත් නෑ ලාභෙට මැරෙන්න ලෑස්තිත් නෑ” - අනුර ලන්ඩනය සංවේදී කරවයි
වෙඩි තියවාගත් මහරජ ගැමුණුගේ කැනඩා පිම්ම වැැලිකඩ ජම්පරයට වැටේ!
‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ ‘මැතිවරණ’ පැවැත්වීම පිළිබඳව ‘ජනමත විචාරණයක්’ (මහජන මත විමසුමක්) පසුගිය වර්ෂයේ (2021) නොවැම්බර් සහ දෙසැම්බර් යන දෙමාසය තුළ පවත්වා තිබේ.

ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් බහුතරයක් තම පෞද්ගලික ප්‍රතිපත්ති මත පාලකයින් තෝරාගැනීමට ඡන්දය ප්‍රකාශ කරන බව එමගින් අනාවණය වී තිබේ. ඉනුත් වැඩි දෙනාගේ කැමැත්ත මැතිවරණයකදී හිරිහැරදායී නොවන බලවත් නායකයකු තෝරා ගැනීම වේ.

විශාල පිරිසකගේ (සියයට අනූ දෙකයි දශම දෙකක් – 92.2%) මතය පාලකයින් තෝරාගැනීමේ අරමුණින් ඡන්දය ප්‍රකාශ කරන බවකි.

සිංහල සහ දමිළ ප්‍රජාවගෙන් සියයට හැත්තෑ පහක (75%) අපේක්‍ෂාව තමන්ගේ වර්ගයේ බලවත් පාලකයකු පත්කර ගැනීමය. මුස්ලිම් සහ උඩරට දමිළ ප්‍රජාව ඒ මතය බැහැර කරති.

මේ අන්දමින් ශ්‍රේණිගතව සිටින පාලිත මහජනතාවෙන් සියයට පනහකට (50.3%) මඳක් වැඩි පිරිසක් එක මතයක දැඩි ලෙස එල්බගෙන ඇත්තාහ.

ඒ ජනාධිපතිවරයාට ඇති අසීමිත බලතල අඩුකර ඒ සියල්ල පාර්ලිමේන්තුවට පැවරිය යුතු බවටය.

ජනමත විමසුමට සහභාගිවූ පිරිසෙන් සියයට අසු හතයි දශම හතරක් (87.4%) තරමේ පිරිසක් අභියෝගාත්මක මතයක් ඉදිරිපත් කරති.

ඔවුන්ගේ මතය නම් රට අරමුණුකර ගැනෙන සෑම තීන්දු තීරණයක්ම දේශපාලනඥයන් නොව විශේෂඥ දැනුම් ඇත්තවුන් විසින් ගනු ලැබිය යුතු බවය.

ඒ පිරිසගෙන් සියයට හැටයි දශම හතක (60.7%)ගේ මතය නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් විද්වතුන් සිටිය යුතු බවය.

‘කොවිඩ්-19’ වසංගත මාරයා රට දෙවනත් කරන කල්හි යුද හමුදාව පැය විසිහතර පුරා මහජනයාගේ ගැලවුම්කාරයින් වශයෙන් කැප වී කළ මෙහෙය රටම අගේ කළේය.

ඒ කරුණු අනුව මේ රටේ ‘හමුදා පාලනයකට සුදුසු නොවේ’දැයි යන ප්‍රශ්නය පිළිබඳව කැමැත්ත විමසනු ලැබ ඇත.

සියයට හැත්තෑවයි දශම අටකගේ (70.8%) පිළිතුර ‘එපා’ යන්න වූවේය.

‘එපා’ යන මතයේ එල්බගෙන සිටි පිරිසෙන් සියයට හැටයි දශම පහක්ම (60.5%) සිංහල ප්‍රජාවය. දමිළ ප්‍රජාව සියයට තිහයි දශම පහකි (30.5%). උඩරට දමිළ ප්‍රජාව තිහයි දශම දෙකකි (30.2%). මුස්ලිම් ප්‍රජාව සියයට විසි පහයි දශම දෙකකි (25.2%).

රටට බලපාන වැදගත් තීන්දු ගැනීමේ වගකීම ආගමික නායකයන්ට පැවරීම ගැනද විමසා ඇත. ඊට විරුද්ධවූ ප්‍රමාණය සියයට හැත්තෑ හයයි දශම තුනකි (76.3%).

ගෝඨාගේ ආණ්ඩුව ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයද වැඩකට ඇති එකක් විය නොහැකි බව සියයට හතළිහකගේ (40%) තීරණයයි.

මේ වන විට රට ආර්ථික ප්‍රපාතයකට වැටී ඇත. ගෝඨාභය රාජපක්‍ෂ සිය පාලන කාලය තුළදී රට නිසැකවම ගොඩගන්නා බවට සියයට හැටහතරයි දශමයක (64.1%) පිරිසක් පවසා ඇත්තාහ.

පොහොර භාවිතය

සියයට හැත්තෑදෙකයි දශමයක (72.1%) තරම් පිරිසකගේ මතය වගාවට රසායනික පොහොර යෙදීම නුසුදුසු බවයි. එතකුදු වුවත් ඒ සඳහා තිරසාර වැඩපිළිවෙළක් ආරම්භ කෙරෙන තුරු කිසියම් තරමකට රසායන පොහොර යෙදීම වරදක් නැති බවද ඔවුන්ගේ මතයයි.
සියයට විසිතුනකගේ (23%) මතය වහාම රසායනික පොහොර නැවැත්විය යුතු බවය.

විදේශීය ආයෝජන

විදේශීය සමාගම්වලට ව්‍යාපාර සඳහා ආයෝජන පහසුකම් සලසා දිය යුතුය යන මතයේ සිටින සංඛ්‍යාව සියයට හතළිස් පහකි (45%). ශ්‍රමය සූරාකන බැවින් විදේශීය ආයෝජකයන්ට fදාර වැසිය යුතුය යන මතයේ එල්බගත් සංඛ්‍යාව සියයට තිස්හතයි දශම පහකි (37.5%).

ගෘහස්ත ආර්ථිකය ඍණ බිංදුවටම වැටී ඇතැයි කියන පිරිස සියයට හැත්තෑපහයි දශමයකි (75.1%). ඒ බලපෑම දැඩිව සිදුව ඇත්තේ වතු කම්කරු ප්‍රජාවටය. ඒ ප්‍රමාණය සියයට හැටතුනයි දශම හයකි (63.6%). තම දේශපාලන පක්‍ෂය මැදිහත්ව රජයේ සහනාධාරය දීමේදී සියයට පනස්අටයි දශම අටක (58.8%) පිරිසකට එතරම් සැලකිල්ලක් නොදැක්වෙන වතු ප්‍රජාවගේ ආකල්පයයි.

ජනවාර්ගික සම්බන්ධතා

මෙයට අවුරුදු දෙකකට පෙර වෙනත් ජනවාර්ගික කණ්ඩායම් සමග පැවති සම්බන්ධතා යථා තත්ත්වයෙන්ම පවත්වා ගැනීමේ හැකියාව ඇති බව සියයට හතළිස්අටයි දශම හයක (48.6%) පිරිසක් කියති. සියයට තිහක් (30%) පවසන්නේ තිබූ තත්ත්වය ඉතාම නරක අන්දමින් අයහපත් අතට හැරී ඇති බවයි. උඩරට දමිළ ප්‍රජාවට ඒ නරක තත්ත්වයේ බලපෑම සියයට හතළිස් හතයි දශම තුනකි (47.3%). මුස්ලිම් ප්‍රජාවට සියයට හතළිහයි දශම පහකි (40.5%).

භාෂණ නිදහස

පෙර පැවැති පාලන තත්ත්වය යටතේ ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ කටයුතුවල හරි වැරදි පෙන්නා දීමේ නිදහස ඇහිරී ඇතැයි කියන සංඛ්‍යාව සියයට තිස් හතකි (37%).
එහෙත් සියයට තිස්දෙකක (32%) කණ්ඩායමක් පවසන්නේ ඒ නිදහස පෙර පැවැති තත්ත්වයෙන්ම පවත්නා බවයි.
යථෝක්ත ජනාධිපතිවරයා ඇතුළු දේශපාලන අධිකාරියේ fදාස් පෙන්නා දීමේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමිව ඇතැයි කියන මුස්ලිම් ප්‍රජාවේ අගය සියයට පනස්එකයි දශම නවයකි (51.9%). වතුකර දමිළ ප්‍රජාව සියයට පනස්එකයි දශම පහකි (51.5%). සෙසු දමිළ ප්‍රජාව සියයට පනහයි දශම තුනකි (50.3%).

හමුදා ඇගයීම

හමුදා ක්‍රියාකාරකම් (දොස් දැක්වීම) විවේචනයද දුෂ්කරවී තිබේ. ඒ බව කියන මුස්ලිම් ප්‍රජා ඝනත්වයේ ප්‍රතිශතය පනහයි දශම හතරකි (50.4%). උඩරට දමිළ ප්‍රජාව සියයට පනස්හයයි දශම හයකි (56.6%). සෙසු දමිළ ප්‍රජාව සියයට හතළිස්පහයි දශම තුනකි (45.3%). සිංහල පිරිස සියයට විසිපහයි දශම තුනකි (25.3%).

විදෙස් සබඳතා

ජනමත විමසුමට පිළිතුරු දුන් සියයට පනස්අටයි දශම දෙකකගේ (58.2%) අදහස රජය විදේශ සම්බන්ධතා වර්ධනය කළ යුතු බවය.
මත විමසුමට සහභාගි වූ පිරිසෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසකගේ මතය රජය එසේ සම්බන්ධතා නොපවත්වන බවය.
ඒ බවට රජයට චෝදනාව එල්ල කරන වැඩි පිරිස මුස්ලිම් ප්‍රජාවය. ඒ සංඛ්‍යාව සියයට හතළිහයි දශම දෙකකි (40.2%).

චන්ද්‍රසේන මාරසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29400,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝඨා ජනාධිපති වුණාට පස්සේ කරපු පළමුවැනි සමීක්ෂණයේ ප්‍රතිපල එළියට එයි!
ගෝඨා ජනාධිපති වුණාට පස්සේ කරපු පළමුවැනි සමීක්ෂණයේ ප්‍රතිපල එළියට එයි!
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjfkR_HTByZ-gdOJIPgjeUhLwlOqB4LpcCWQLsFNU4Ojv8jureL_swGjjqJzvn9_k5k-2jRKF1iiBqvtPXrE7W7h8PrMtWJLnPolnm8bV65zSTjtvejbnPRGpP3vC8nHwotjzL40YuCgH3xO6AQq24zsK1LmluqgpTm2czPadrCCNPGqJ54QUFojn6N_A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEjfkR_HTByZ-gdOJIPgjeUhLwlOqB4LpcCWQLsFNU4Ojv8jureL_swGjjqJzvn9_k5k-2jRKF1iiBqvtPXrE7W7h8PrMtWJLnPolnm8bV65zSTjtvejbnPRGpP3vC8nHwotjzL40YuCgH3xO6AQq24zsK1LmluqgpTm2czPadrCCNPGqJ54QUFojn6N_A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/03/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy