දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…
Homeප්‍රවෘත්ති

චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…

PropellerAds

රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්...

“කිසි දේකට බිය වෙන්න එපා... මම යළි දේශපාලන කටයුතු ආරම්භ කරනවා“ - මහින්ද රාජපක්ෂ
කටුනායකදී තුර්කි ගුවන් යානයක් අනතුරක!
බලහත්කාරයෙන් රාජ්‍ය බලය ඇල්ලීමේ කුමන්ත‍්‍රණයක්!
රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වැඩියෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවක් සැපයීමට, හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ කර්මාන්ත අමාත්‍යාංශය විසින් ස්ථාපනය කරන ලද ආයෝජකයන්ට එක් වහලක් යට සිට කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු අනුමැතීන් හා අදාළ පහසුකම් ලබා ගැනීමේ ක්‍රමවේදය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘Smart One Stop Shop’ කාර්යාල පරිශ්‍රය ඉවහල් වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ එම කාර්යාලය පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මීට දශක ගණනාවකට පෙර කොළඹ වරාය දුටු සිංගප්පූරු ජාතිකයන් සිංගප්පූරුව ලංකාව වගේ දියුණු කිරීමට කල්පනා කළා. ඒ අනුව තමයි ඔවුන් ප්‍රධාන නාවුක කේන්ද්‍රස්ථානයක් බවට තමන්ගේ රට පත් කර ගැනීමට සමත් වුණේ. සිංගප්පූරුව නාවුක කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණාට ශ්‍රී ලංකාවේ අපට ඒ ජයග්‍රාහී තත්ත්වය අත්පත් කරගන්න හැකි වුණේ නැහැ. ඒ කෙසේ වෙතත් එදා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ රජය ඉතා වැදගත් තීරණයක් ගත්තා. ඒ තමයි හම්බන්තොට ජාත්‍යන්තර තත්ත්වයේ වරායක් ඉදිකිරීම. මේ ක්ෂේත්‍රයේ අපේ රටේ ප්‍රාමාණික විද්වතුන් බොහෝ කලක සිට පැහැදිලි කළා, ‘හම්බන්තොට පසුකරගෙන ඉතා විශාල නැව් ප්‍රමාණයක් දිනපතා ගමන් කරනවා. ඒ නැව්වලට අවශ්‍ය සේවා සපයන ඒ ආශ්‍රිත කර්මාන්ත පදනම් කරගත් මේ ඓතිහාසික මාගම්පුර රාජධානියේ තමයි ඒ සඳහා අවශ්‍ය පිහිටීම තිබෙන්නේ’ කියා. ඒ අදහසට ඇහුම්කන් දෙන පාලකයන් බොහෝ කලක් යනතෙක් බිහිවුණේ නැහැ. හම්බන්තොට වරායක් ඉදි කළාම ඒක තරගකාරීව, අහිතකර ලෙස වෙනත් රටවලට බලපානවා. එසේ අහිතකර ලෙස බලපාන රටවල් කැමති වුණේ නැහැ හම්බන්තොට ජාත්‍යන්තර වරායක් ඉදි වෙනවාට. ඒ නිසා මේ අදහස බොහෝ හේතු මත යටපත් වුණා.

‘අද්භූත හේතුවක් ‘

මහින්ද රාජපක්ෂ මැතිතුමන් එදා චීනයට ගියපු වෙලාවේ, එතුමාම පැවසූ අන්දමට එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි
පී. බී. ජයසුන්දර මහත්මයාට එතුමා යෝජනා කර තිබුණා චීනයේ ජනාධිපතිතුමන් සමග කෙරෙන සාකච්ඡාවේ ‘ටෝකින් පොයින්ට් එකක්’ විදිහට ‘හම්බන්තොට වරාය ඉදිකිරීම’ ඇතුළත් කරන්න, කියා. නමුත් අතිගරු ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන් සමග සාකච්ඡා අරඹන විට තමයි දැනගත්තේ ටෝකින් පොයින්ට් එකක් විදිහට මෙහෙ නිලධාරීන් හම්බන්තොට වරාය ඉදිකිරීම ඇතුළත් කර තිබුණේ නැහැ, කියා. මොකක් හෝ අද්භූත හේතුවක් නිසා හම්බන්තොට වරාය ඉදිකිරීම ඒ න්‍යාය පත්‍රයෙන් හැලිලා තිබුණා. එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් චීන ජනාධිපතිතුමන්ගෙන් බලවත් ඉල්ලීමක් කර තිබුණා ‘මේක මගේ ප්‍රදේශය, මේක මම ජනතාවට දුන් පොරොන්දුවක්. මේක මට කරන්නම උවමනායි. ඒ නිසා හම්බන්තොට වරාය ඉදි කිරීමේ යෝජනාවත් සාකච්ඡා සඳහා ඇතුළත් කරන්න’ කියා. කවර හෝ හේතුවක් නිසා අපේ රටේ නිලධාරීන් ඒ යෝජනාව හැලුවත් චීන ජනාධිපතිතුමන් එවලේම මෙම යෝජනාව සාකච්ඡාවට ගෙන හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර සලසාදීමට තමන්ගේ නිලධාරීන්ට උපදෙස් දුන්නා.

‘වරාය අධිකාරිය සතු හැකියාව’

මම පසුකාලීනව කල්පනා කළා ‘ටෝකින් පොයින්ට්වලින් කොහොමද මේක හැලුනේ?’ කියා. කොහොම වුණත් මේ ප්‍රදේශය නියෝජනය කරන රාජ්‍ය නායකයෙකු බිහි නොවුණා නම් මේ හම්බන්තොට වරාය ඉදිවීමට තිබෙන ඉඩ ඉතාම අඩුයි. පසුකාලීනව රජය සතුව තිබූ මෙම වරාය, පසුගිය ආණ්ඩුව විසින් HIPG සමාගමට 99 අවුරුද්දකට බදු දුන්නා. අපි දන්නවා මේ වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය වාරිකය, පොලිය ආදී සියල්ල අදටත් ගෙවන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනුයි. ඒකෙන් පෙනෙනවා, හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියට බරක් නොවෙයි, කියා. ශ්‍රී ලංකා වරාය අධිකාරිය ලාභ ලබන ආයතනයක්. හම්බන්තොට වරාය සඳහා ගත් ණය ගෙවීමට හැකියාව තිබියදී තමයි කුමන හේතුවක් නිසා හෝ පැවති පාලනය ඉහත තීරණය ගෙන තිබුණේ.

‘චීන ආයෝජන ක්‍රමවේදය’

ඩොලර් ආදායම බිඳ වැටීම නිසා අද යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයෙන් හැකි ඉක්මනින් මිදෙන්න නම් ඒ සඳහා තිබෙන ප්‍රධානතම අවශ්‍යතාව තමයි ඩොලර් ආදායම උපදවන්න පුළුවන් ව්‍යාපෘති සඳහා වැඩි වැඩියෙන් යොමු වීම. අද චීනය ගැන බොහෝදෙනා විවිධ මත පළ කරනවා. නමුත් ඒ කවර මත පළ කළත් අපි දන්නවා චීනයේ බොහෝ ආයෝජන අපට ඩොලර් ආදායම උපදවාදෙන ආයෝජන මිසක් අපේ රටින් එළියට ඩොලර් ඇදගෙන යන ආයෝජන නොවෙයි, කියා. කොළඹ වරාය නගරය නිසි පරිදි ක්‍රියාත්මක වුණාම උපදවන්නේ අපේ රටට ඩොලර් ආදායම මිසක් වෙන කිසිවක් නොවෙයි. එහි බදු මගින් ද අප උපයාගන්නේ ඩොලර් මිසක් වෙන යමක් නොවෙයි. මේ හම්බන්තොට වරාය වුවත් එහි සම්පූර්ණ සේවා සපයන තත්වයට පත් වුණාට පසුව මේ රටට උපයා දෙන්නේ විදේශ විනිමය මිස අන් යමක් නොවෙයි.

‘අකාර්යක්ෂමතාවට පිළියම්’

ඩොලර් ආදායම වැඩි වැඩියෙන් උපදවන ව්‍යාපෘති සඳහා අපට පමණක් ප්‍රාග්ධනය නොමැතිනම් වාසිදායක කොන්දේසි යටතේ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමග කටයුතු කිරීමට සිදුවෙනවා. නමුත් එහිදී අපේ රටේ අනාගත අභිවෘද්ධිය, කියන කාරණය පිළිබඳව බරපතල ලෙස සිතිය යුතුව තිබෙනවා. අපේ රටේ තිබෙන ප්‍රධානතම ගැටලුවක් තමයි මේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමේදී රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව. සමහර අනුමැතීන් ලබා ගැනීම සඳහා සති ගණන් නොවෙයි මාස ගණන් බලාගෙන ඉන්න වෙනවා. ඒ ගැටළුව හැකි පමණ අවම කිරීම සඳහා, එනම් ඉහත ක්‍රියාදාමය හැකි පමණ කාර්යක්ෂම කිරීම සඳහා තමයි අපි කල්පනා කළේ හම්බන්තොට වරාය ඇසුරුකොටගෙන අනාගතයේ ඉදිවන කර්මාන්ත කලාප තුළ අපනයනය ඉලක්ක කරගත් මහා කර්මාන්ත ශාලා සඳහා පහසුකම් සපයන මධ්‍යස්ථානයක් කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අරඹන්න. මේ වසරේ ජනවාරියේදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය පිහිටුවීමට අදාළව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගත්තත් සංචරණ සීමා පැනවීම් ඇතුළු කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපට බලාපොරොත්තු වූ පරිදි මෙම අවශ්‍යතාව ඉටු කිරීමට නොහැකි වුණා. ප්‍රමාද වී හෝ ඉහත කී ආකාරයේ අනාගතයක් ගැන කල්පනා කරලා තමයි මේ පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය විවෘත කරන්නේ.

‘HIPG ආයතනයට ස්තූතියි’

අප මෙම අදහස ඉදිරිපත් කළාම මෙම කාර්යාල පරිශ්‍රය නොමිලේ ලබා දීමට තීරණය කළ, ඒ වගේම තවත් බොහෝ සම්පත්වලින් අපට දායකත්වය ලබාදීමට උනන්දු වූ ‘හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ (HIPG)’ ප්‍රධාන විධායක මා හිතවත් ජොන්සන් ලියූ (Johnson Liu) මැතිතුමා ඇතුළු එහි කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය පුද කර සිටිනවා. එමගින් පෙනී ගියේ ඔවුන් ද මෙම පහසුකම් සැපයීමේ අවශ්‍යතාව ඉහළින් පිළිගෙන තිබූ බවයි. විදේශ ආයෝජකයන් පමණක් නොවෙයි දේශීය ආයෝජකයන් ද මෙම කර්මාන්ත කලාපය අශ්‍රිතව ආයෝජනය කරනවා. ඔවුන්ට ඇතැම්විට තිබෙනවා මෙම HIPG ආයතනය සමඟ විසඳාගත යුතු ගැටළු. අතරමැදියකු ලෙස මැදිහත්වී එම ගැටළු විසඳීමේ සම්බන්ධීකරණ කටයුතු ද මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයෙන් ඉටු කර දෙනවා.

මෙමගින් අපි අරමුණු කරන්නේ දේශීය හා විදේශීය ආයෝජකයන් දිරිගැන්වීම, ඔවුන් මන්දෝත්සාහී වීම වැළැක්වීම, ඔවුන්ගේ ආයෝජනයන්ට මේ රට තුළ උපරිම සාධාරණය ඉටු කර දීම යන ඒවායි. ඒ වගේම අපේ අමාත්‍යාංශයේ සහ මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයේ පරිපාලන කටයුතු භාරව ඇති ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ අදාළ පිරිස් ඉදිරියේ දී ක්‍රමානුකූලව මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානයෙන් ඉලක්ක සහගතව ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරාවි, යන විශ්වාසය අපට තිබෙනවා. මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය මේ රටේ ආයෝජනය කරනු ලබන දෙස් විදෙස් ආයෝජකයන්ගේ අපේක්ෂාවන් දල්වනු ලබන ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත් වේවා’යි ප්‍රාර්ථනය කරනවා.”

මෙහිදී මෙම පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය වත්වාගෙන යාම පිළිබඳව කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය(IDB) සහ HIPG ආයතනය අතර ගිවිසුමකට අත්සන් තැබීම ද සිදුවිය.

මෙම අවස්ථාවට HIPG ආයතනයේ ප්‍රධාන විධායක ජොන්සන් ලියූ මහතා ඇතුළු එහි සෙසු විධායක නිලධාරීහු ද කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් (කර්මාන්ත සංවර්ධන) චමින්ද පතිරාජ, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක ඇතුළු නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ .

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
කර්මාන්ත අමාත්‍ය
මාධ්‍ය ලේකම්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…
චීන ජනපති සමග සාකච්චාවේදී අද්භූත දෙයක් විමල් හෙලි කරයි.. හම්බන්තොට වරායෙන් කොටසක් නොමිලේ දෙයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkQJa0p5Cj-0qR8n1cuWHQIf082gNtuYV6v_qmlh1zanBhLMTzYZ52vsx5VmAxNJG4fOT_FiRGUOUs08QIDIDNwsfguRttfvzO4WRMWmMgi0U_19XwNtl4VqW7hVe63TFJ58mk2es4Youy/s320/wimala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjkQJa0p5Cj-0qR8n1cuWHQIf082gNtuYV6v_qmlh1zanBhLMTzYZ52vsx5VmAxNJG4fOT_FiRGUOUs08QIDIDNwsfguRttfvzO4WRMWmMgi0U_19XwNtl4VqW7hVe63TFJ58mk2es4Youy/s72-c/wimala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy