ආණ්ඩුව හැර යාමේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ (26) ...
ආණ්ඩුව හැර යාමේ අදහසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ (26) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්ඩායම සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පැයක් පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වෙනුවෙන් පැය දෙකකට අධික කාලයක් ජනාධිපතිවරයා විසින් ලබාදුන් බවත් මෙහිදී ප්‍රාදේශීය සංවිධායකයන්ගේ ඉදලා සියලු දෙනා හට ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කල බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ආණ්ඩුකරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් සම්බන්ධ කරගන්නේ කෙසේද යන්න පිළිබඳවද එහිදී සාකච්ඡාවට බඳුන් වූ අතර රජයෙන් ඉවත්වීමේ අදහසක් ශ්‍රීලනිපයට නොමැති බවද රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටිනවා.

COMMENTS