මෙරට නිරෝධායන නීති හේතුවේන මේ වනවිට වසා දමා තිබෙන යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් ල...
මෙරට නිරෝධායන නීති හේතුවේන මේ වනවිට වසා දමා තිබෙන යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි. එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් රාජ්‍ය අමාත විමලවීර දිසානායක සඳහන් කරයි.
මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන පිරිස් කොවිඩ්වලින් තොර බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා මූලස්ථානය පවසන්නේ ප්‍රංශ නාවික නිලධාරීන් පිරිසක් මෙරට සංචාරය කළද එම ප්‍රංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නාවික නිලධාරින් අතර කිසිදු පුහුණු සැසියක් මේරටදී නොපැවැත්වෙන බවය.
ඒ අනුව එම පිරිස මෙරටට පැමිණෙන්නේ සචාරකයින් පිරිසක් ලෙස බවට තවදුරටත් තහවුරු වේ.
-lankatruth

COMMENTS