පිලියන්දල ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලද්දේ තමන්ගේ ඉල්ලීම අනුව බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. නැවත මෙවැන්නක් සිදු වුවහොත...
පිලියන්දල ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලද්දේ තමන්ගේ ඉල්ලීම අනුව බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.
පිලියන්දල අනතුරුදායක නැති බවත් මේ සම්බන්ධයෙන් තමන් හමුදාපතිට හා බුද්ධි අංශවලට කතා කළ බවද ඒ මහතා කියා සිටියි.
කැස්බෑව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දේශපාලන පක්ෂවලට වාසි සහගත ලෙස නිවේදන නිකුත් කරන බව ද ඇමැතිවරයා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
තම කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට හා තම බෑණාටද වෛරසය ආසාදනය වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.
COMMENTS