යා පනයේ දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ත් විසින් යාපනයේ මහා නගර සභාවේ නගරාධිපති වන විශ්වලිංගම් මණිවන්නන් විසින් පිහි...
යාපනයේ දේශපාලන මෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙකු වන අරුන් සිද්ධාර්ත් විසින් යාපනයේ මහා නගර සභාවේ නගරාධිපති වන විශ්වලිංගම් මණිවන්නන් විසින් පිහිටු වන ලද මහ නගර සභාවේ නව පොලිස් ඒකකය පිළිබඳව විශේෂ හෙළිදරව්වක් කර තිබේ.
ඔහු විසින් පවසා සිටින්නේ විශ්වලිංගම් මණිවන්නන් යනු ප්‍රසිද්ධ එල්.ටී.ටී.ඊ හිතවාදී ප්‍රකාශ නිකුත්කරන පුද්ගලයෙකු බවත්, ඔහු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පොන්නම්බලම්ගේ අනුගාමිකයෙකු බවයි.
මොවුන්ගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්විම බවත් අරුන් විසින් පවසා සිටියි.
ඔහු ෆේස්බුක් සටහනක් තබමින් මේ බව පවසා තිබූ අතර ඔහු එහි සඳහන් කර තිබුණේ මෙවන් අදහසකි.
“..."යාල් මානගර කාවල් පඩෙයි" (යාපනය මහ නගර ආරක්ෂක බලකාය) නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම, මහමග කුණු දැමීම, කෙල ගැසීම ආදී වැරදි සදහා දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව නගරාධිපති පවසා ඇත.
පොලිසිය ඇතුළු වෙනත් ආයතන වලට අයිති මෙම රාජකාරි සදහා ජනතාවට දඩ නිකුත් කිරීමට මොවුන්ට ඇති නීතිමය හැකියාව කුමක්ද?
ප්‍රසිද්ධියේ LTTE හිතවාදී ප්‍රකාශ නිකුත්කරන පුද්ගලයකු වන විශ්වලිංගම් මනිවන්නන් වන මොහු TNPF පක්ෂයේ පා.ම. පොන්නම්බලම් ගේ අනුගාමිකයෙකි.
මොවුන්ගේ යටි අරමුණ වන්නේ නැවත එදා ත්‍රස්තවාදී පාලන යුගයේ මතක නැවත ජනතාවට සිහිගැන්විමයි. එදා කොටි පොලිසියේ නිල ඇදුමට 100% සමාන අයුරින් මෙම නිල ඇදුමද නිමවා ඇති බව ඕනෑම කෙනෙකුට දැකගැනීමට හැක.
මේ පිලිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය බලාපොරොත්තු වන අතර නීතිමය සහය ලබාදිය හැකි අයෙක් වෙතොත් අපට දැනුම් දෙන්න….”
එම ෆේස්බුක් සටහන පහතින්,

COMMENTS