දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි
Homeප්‍රවෘත්ති

විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි

PropellerAds

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජය...

ඉරණතිව් වැසියන් ඉඩම් ඉල්ලා සත්‍යග්‍රහයට දින 140
එජාප ප්‍රබලයෙක් මැති ඇමතිවරුන්ගේ දුරකථන වලට රහසිගතව සවන් දෙයි.
හදිසි පරික‍ෂාවෙන් හැටන් වාහන රැසක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් (National Industrial Park) පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. 'එක් ගමකට එක් කර්මාන්තයක්' (Industry for a Village) ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් (Agro Food and Fish Processing Zone) පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීම (Establishment of Semiconductor Manufacturing Industries in Sri Lanka) යන ව්‍යාපෘති ඒ අතර වේ. තවද චීන - ශ්‍රී ලංකා උසස් කාර්මික පුහුණු ආයතනයක් (China - Sri Lanka Advanced Industrial Training Institute) පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

චීනයේ දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩසටහන්වල අත්දැකීම් ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සඳහා යොදාගත හැකි අන්දම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ඉහත ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රජාව වෙත රැගෙන යාමේදී එම අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවය.

1956 සිට ඇරඹි චීන - ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මේ වන විට වසර 63ක් සම්පූර්ණ වී ඇති බවත් එමගින් ලැබෙමින් පවතින ප්‍රතිලාභ මෙසේ ශ්‍රී ලංකාවේ ජාතික කාර්මිකරණය වේගවත් කිරීමට යොදා යොදාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් චීන රජයට සිය ප්‍රණාමය පුද කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි
විමල් විප්ලවයකට සූදානම්! චීන රජයේ ප්‍රබලයින් එක්ක පළමු සාකච්ඡාව කැඳවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyccnWW8uedvJaTM-fgicElcw03-kI-DXxHI6ORkt4wNJVGE_ep5BV2f7lSPuWUji52FoGE9soBYh2XUYNFf91mlvXbzslhJJ2u2poyW50cfvKud-IrP0HxiRG1b5eTTCdCq5ICgEVTmE/s320/74636b04a1ed5fc0f8b63a2c1c214c89_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjyccnWW8uedvJaTM-fgicElcw03-kI-DXxHI6ORkt4wNJVGE_ep5BV2f7lSPuWUji52FoGE9soBYh2XUYNFf91mlvXbzslhJJ2u2poyW50cfvKud-IrP0HxiRG1b5eTTCdCq5ICgEVTmE/s72-c/74636b04a1ed5fc0f8b63a2c1c214c89_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy