මු දල් අමාත්‍යාංශය විසින් මුදල් කාරක සභාවට ලබාදුන් වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2020 ඔක්තෝම්බර් 14 වනදා සිට 2021 පෙබරවාරි 20 වනදා දක්වා ...
මුදල් අමාත්‍යාංශය විසින් මුදල් කාරක සභාවට ලබාදුන් වාර්තාවෙන් අනාවරණය කර තිබෙන්නේ 2020 ඔක්තෝම්බර් 14 වනදා සිට 2021 පෙබරවාරි 20 වනදා දක්වා ලංකාවට ආනයනය කළ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස වැඩිවී තිබෙන බවයි.
රජය විසින් සීනි සඳහා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරීම නිසා රජයට රුපියල් බිලියන 15.9 ක බදු ආදායමක් අහිමිවී ඇතැයි මෙහිදී හෙළිවී තිබෙ.
මෙම බදු අඩුකිරීමේ සහනය ජනතාවට නිසි පරිදි ලැබී නොමැති අතර එය සම්පූර්ණයෙන් හෝ එයින් කොටසක් සිනී ආනයන සමාගම් විසින් ලබාගෙන ඇතැයි අනාවරණය වෙයි.

COMMENTS