නැ ගෙනහිර ජැටිය විකුණන්නේද, බදු දෙන්නේද එසේ නැතහොත් ආයෝජනයක් පමණක් සිදුවන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකිරීම ...
නැගෙනහිර ජැටිය විකුණන්නේද, බදු දෙන්නේද එසේ නැතහොත් ආයෝජනයක් පමණක් සිදුවන්නේද යන්න පිළිබඳව ආණ්ඩුව නිශ්චිත ස්ථාවරයක් ප්‍රකාශයට පත් නොකිරීම බරපතල ගැටලුවක් වී ඇති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසනවා. එක එක ඇමතිවරුන් එක එක ප්‍රකාශ නිකුත් කරන බැවින් ඇත්ත කියන්නේ කවුද, පිළිගත යුත්තේ කාගේ ප්‍රකාශයද යන්න ගැටලුවක් බවත් ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
ඒ නිසා නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කළ යුතු බවත් විකුණන්නේ නම් ඒ පිළිබඳව සෘජුව, නිශ්චිතව ප්‍රකාශ කළයුතු බවත් ඥානසාර හිමි ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.
එක්කෝ මේ සියල්ල විකුණා දැමුවා නම් මේ කිසිදු ප්‍රශ්නයක් නැති බව ඥානසාර හිමි මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

COMMENTS