දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

"මාත්‍රාව හරියට අරන් නැති අය ගැන මම වග නොකියමි" - ධනපාල පිළිතුරු දෙයි

කා ලි මෑණියන් සිහිනෙන් කියූ වට්ටෝරුවක් උපයෝගී කරගෙන තැනූ බව කියමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) කපු මහතා කොරෝනා සුව කරන බවට ප්...

කාලි මෑණියන් සිහිනෙන් කියූ වට්ටෝරුවක් උපයෝගී කරගෙන තැනූ බව කියමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) කපු මහතා කොරෝනා සුව කරන බවට ප්‍රසිද්ධ කළ පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සියලු දෙනාට සහ එම පැණිය ඡායාරූප ගතවෙමින් පානය කළ රාජ්‍ය ඇමති පියල් නිශාන්තට කොරෝනා රෝගය මේවනවිට වැළඳී අවසන්ය.

මේ හේතුවෙන් පැණිය ගැන විශ්වාසය දැන් හීනවී ඇති පසුබිමක මෙම පැණිය ප්‍රවර්ධනය කළ මාධ්‍ය තවදුරටත් ධම්මික පැණියට වැරදුනේ නැති බව ඔප්පු කිරීමට සිය මාධ්‍ය හසුරුවන බව දක්නට ලැබේ.

එක් මාධ්‍යයකින් වාර්තා කර ඇත්තේ මෙම අසාර්ථකත්වය ගැන ධම්මික බණ්ඩාර විමසීමේදී තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බව කියා ඇති බවයි.

කෙසේ නමුත් පවුලේ සියලු දෙනාට කොරෝනා වැළඳුණ බව කියූ  කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල කියන්නේ ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බවය.
ඔහු නිරෝධායනය වෙමින් සිටින අතර  යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් දන්වා ඇත්තේ තමා ඇතුළු පවුලේ අය මස් මාළු අනුභවය පවා නවතා ඖෂධය වෙනුවෙන් පේවී එම මාත්‍රා පිළිවෙල නිසියාකාරව අනුගමනය කළත් ධම්මික පැණියෙන් ගුණයක් නොතිබූ බවයි.

මේ අතර කොග්ගල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක සත්කාර ලබමින් පසුවන රාජ්‍ය ඇමති පියල් නිශාන්තගෙන් ධම්මික පැණිය ගැන අසන්නට කතාකළ පුවත්පත් මාධ්‍යවේදියෙකුට පියල් නිශාන්ත මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ. ධම්මික පැණිය පියල් පානය කළේ පාර්ලිමේන්තුවේ පමණක් නොවේද යන්න කියවා ගැනීමට එම මාධ්‍ය වේදියාට උවමනාවී ඇත. නමුත් පියල් නිශාන්ත මහතා පවසා ඇත්තේ කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් හැටියට තමාට කිව හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් සියල්ලන් හොඳින් කටයුතු කරන්නේ නම් මෙම රෝගයෙන් වැළකී සිටීමට හැකි වන බව පමණක් බවත්  ධම්මික පැණිය කථානායකවරයාට දුන් අවස්ථාවේදී තමාද එය පානය කළ නමුත් මෙම අවස්ථාවේ පැණි ගැන කතා කිරීම ඵලක් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මාත්‍රාව හරියට අරන් නැති අය ගැන මම වග නොකියමි" - ධනපාල පිළිතුරු දෙයි
"මාත්‍රාව හරියට අරන් නැති අය ගැන මම වග නොකියමි" - ධනපාල පිළිතුරු දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgo5JbAfeX4UKXa8tqdc2OpK6S71Pdt5V0cC7bAuR0LSmAPb1UQMfxPgu6qdpxdtgEz3HPeCRpbczJ8OIRmFAH5SZYjl_jWx9n2qY71JGD4lwQ_deVTl7wvbFzEK0urXGp2x65EL9QpfJY/s320/dammika-paniya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgo5JbAfeX4UKXa8tqdc2OpK6S71Pdt5V0cC7bAuR0LSmAPb1UQMfxPgu6qdpxdtgEz3HPeCRpbczJ8OIRmFAH5SZYjl_jWx9n2qY71JGD4lwQ_deVTl7wvbFzEK0urXGp2x65EL9QpfJY/s72-c/dammika-paniya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_635.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_635.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy