දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මුස්ලිම් ජාතිකයින්ගේ ‘මෘතදේහ භූමදානයට’ ඇමතිවරු විරුද්ධ නොවේ !

කොවිඩ් – 19 රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදානය කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ සලකා බලමින් සිටින බව...

කොවිඩ් – 19 රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ වියළි කලාපයේ විශේෂිත භූමියක භූමදානය කිරීමට අවසර දීමට සෞඛ්‍ය අංශ සලකා බලමින් සිටින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මේ පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ තීරණයට කැබිනට් මණ්ඩලය විරුද්ධ නොවූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශව රැසකින් මීට දැඩි විරෝධයක් එල්ලවිය.

කොවිඩ් -19 රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ඊට අදාළව පත්කළ විශේෂඥ කමිටුවේ අදහස් අනුව සියලුම දේහයන් අදාහනය කරන ලෙස හිටපු සොඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් රෝගයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට අවස්ථාව සලසාදීම සම්බන්ධයෙන් සලකා බැලීමට විද්වත් කමිටුවක් ස්ථාපිත කරන්නැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලීමක් ද සිදුකළේය.

මෙලෙස කොවිඩ් රෝගය වැළඳී මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමක් පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

නමුත් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සිලෝන් තව්හීද් ජමාත් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් නැමැත්තාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ, “නව කොරෝනා වෛරස ආසාදනයෙන් මරණයට පත්වන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීමට වත්මන් රජය අවසර ලබා දී ඇත.“ යනුවෙනි.

කෙසේ වෙතත්  මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා,

“ලෝක සෞඛ්‍ය සංවිධානයේ යම් යම් නිර්ණායකයන්ට අනුගත වෙමින් කොවිඩ් ආසාදනය ලංකාවේ පැතිරෙන්න ගත්ත කාලයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු පදනම් කර ගෙන කොවිඩ් ආසාදිත මළ සිරුරු සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ ආදාහනය කිරීමෙන්. ඒ තීරණය සෞඛ්‍ය සේවා ජනරාල්වරයා ප්‍රකාශයට පත් කළේ, විද්‍යාත්මක හා තාක්ෂණික කරුණු මේ රටේ භූමිය පිළිබඳව විද්‍යාත්මක හා තාක්ෂණික කරුණුත් යන කාරණා දෙකම පදනම් කරගනිමින්. දැනට මේ රටේ ක්‍රියාත්මක කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමක් නෙමෙයි සිදුවන්නේ ආදාහනය කිරීමක්. මේ තීරණය පදනම් කර ගත් කරුණු කාරණා පිළිබඳව තවම කිසිදු වෙනස්කමක් පිළිබඳව වාර්තා වෙන්නේ නෑ. මෑතක දී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන්නා වු කරුණු පිළිබඳව යම් ආකාරයක තීන්දු තීරණ ගන්නේ නම් එය බලධාරීන් විසින් විද්‍යාත්මක හා තාක්ෂණික පදනමක් මත ගන්නා වු ක්‍රියාමර්ගයකි. ඒ පිළිබඳ තීරණය වෙනස් කළ බවට කිසිදු නිවේදනයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වන විට නිකුත් කර නෑ.“

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, කෙහෙළිය රඹුක්වැල්ල මහතා ,

“ඊයේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ අතරේ, මුස්ලිම්වරුන්ගේ මරණ සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය මේ පිළිබඳ විවිධ මත මාධ්‍ය තුළින් දැක ගන්න ලැබෙනවා. නිවැරදිම දේ මේ පිළිබඳ කියන්න ඕනේ. විශේෂයෙන්ම මුස්ලිම්වරුන්ගේ මේ ප්‍රශ්නය අද ඊයේ නෙමෙයි කොරෝනා පළමු මරණයේ සිට සාකච්ඡා වු ප්‍රශ්නයක්. ඒ සෑම අවස්ථාවකදී ම මේ රටේ විද්‍යාත්මක පදනමක් හා සෞඛ්‍ය අංශවල තිබුණ මතවාදයන්ට අපි ගරු කළා. කාලයක් යනවිට විවිධ අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයේ විවිධ අමාත්‍යවරු විසින් මේ ප්‍රශ්නය කොයි ආකාරයෙන්ද සිදුවිය යුත්තේ යන මතවාදය ඉතිරි වුණා. විශේෂයෙන්ම ඊයේ කැබිනට් මණ්ඩලයේ දී අලී සබ්රි අමාත්‍යවරයා නිරන්තරයෙන් මේ සම්බන්ධයෙන් කථා කරනවා. මේ සම්බන්ධයෙන් නීතිරීති තුළ මෙය කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් වුණා. විශේෂයෙන්ම වියළි කලාපය මොකද ජල මට්ටම් සහ තවත් තර්ක ගණනාවක් තිබුණ නිසා. ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය අවසරයක් ලබා දුන්නා එහෙම නැත්නම් අනුමැතියක් ලබා දුන්නා කියන එක නෙමෙයි එතනදී සාකච්ඡා වුණේ. එතනදී සාකච්ඡා වුණේ, එම කරුණු සියල්ල සෞඛ්‍ය බලධාරීන් සහ තීන්දු ගන්නා කණ්ඩායම්වලට ලබා දෙන්නයි තීන්දුව ගත්තේ. ඊයේ ගත්ත තීන්දුව කැබිනට් තීන්දුවකට වඩා මතවාදයක් සහ සෑම සාකච්ඡාවක් සෞඛ්‍ය හා තාක්ෂණික කේෂ්ත්‍රවල වැඩකරන අයගේ නිර්දේශවලට යටත්ව ගතයුතුයි යන්න මතය තමයි තිබ්බේ.“


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29573,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුස්ලිම් ජාතිකයින්ගේ ‘මෘතදේහ භූමදානයට’ ඇමතිවරු විරුද්ධ නොවේ !
මුස්ලිම් ජාතිකයින්ගේ ‘මෘතදේහ භූමදානයට’ ඇමතිවරු විරුද්ධ නොවේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6_Ryl_3grZgMXLfGmr0Qk40snOjJcmA2p0E7VoWVthGHN_V8WAiOMpXbY0kosF16q-giktGLYlhBh-8RO9XFiX71kez9UtkxK_rS9UupHTeSbppcSOMbLsGdrnh1tBLE2Ye7tW-Tw1Qk/s320/Presidential-Secretaria-04.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6_Ryl_3grZgMXLfGmr0Qk40snOjJcmA2p0E7VoWVthGHN_V8WAiOMpXbY0kosF16q-giktGLYlhBh-8RO9XFiX71kez9UtkxK_rS9UupHTeSbppcSOMbLsGdrnh1tBLE2Ye7tW-Tw1Qk/s72-c/Presidential-Secretaria-04.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_628.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_628.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy