කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල” ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත...

කොවිඩ් ආසාදිතයින් ඉක්මනින් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල” ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරටට පරිත්‍යාග කර ඇත.
එම කට්ටල තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය වෙත යොමුකර ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
එම කට්ටල තොගය නිල වශයෙන් ලබා දීමේ උත්සවය අද (09) සවස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ .
COMMENTS