දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට
Homeදේශපාලන

ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

PropellerAds

හදිසි වැටලීමකට යමින් සිටි ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකින් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපත...

බැඳුම්කර සිද්ධිය ගැන සෙවීමට විශේෂ ජනපති කොමිසමක්.
විදුරගේ තීරණය හකුළා ගනී - වෙනසකට සූදානම්.
මේ යන්නෙ යහපාලනේ අන්තිම හරිය - යහපාලන මහ ඇමති.
ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

හදිසි වැටලීමකට යමින් සිටි ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා ආණමඩුව නගරයේදී රිය අනතුරකින් මිය ගොස් , දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහල් ගත කර ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි.එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය - ඉහළගම පදිංචිකරුවෙකි.
 
අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්‍රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
 
අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා 04 වැනිදා රාත්‍රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.
 
කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබී ඇත. ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇත. එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.
 
එහිදී ඉදිරියට පැමිනෙමින් තිබූ සැක සහිත ලොරිය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහු බදින්නට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.
 
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එමඅවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. රෝහලට ඇතුළත් කරන විටත් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොසිනි.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත. සිද්ධිය පිළිබදව ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29596,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට
ආණමඩුව පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට
https://am.lk/media/k2/items/cache/56c937af55a14a76c6a3fcba0dce5ac5_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy