මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ...
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග නිර්දේශ කිරීමට ද එම කොමිසමට භාරදෙන බවයි.
ඒ අනුව මෙම සතිය තුළ දී එම විශේෂ ජනාධිපති කොමිසම පත් කරන බවයි ජනාධිපතිවරයා සිය ට්වීටර් ගිණුමේ තැබූ සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝ්ප් කමිටුවේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට පැවැත්වෙනවා.
පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30ට ආරම්භ වන අතර වාචික ප‍්‍රශ්න විමසීමේ කාලය අවසන් වීමෙන් පසු පෙරවරු 10.30 සිට රාත‍්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.
අදාළ වාර්තාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
COMMENTS