මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් නගරයේ වෙලදසැල් දෙකක් මතට පස් කන්දක් කඩා ...
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් නගරයේ වෙලදසැල් දෙකක් මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම වෙලදසැලේ සේවකයින් දෙදෙනෙකු (14) දින අලුයම තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.
හැටන් නගරයේ එම්.ආර්.කඩවිදියේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙලදසැලක් සහ යකඩ බඩු අලෙවි කරන වෙලදසැලක් මතට (14) දින අලුයම 5 ට පමණ වෙලදසැල් පිටුපස තිබු පස් කන්ද කඩා වැටි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
එම ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කරන වෙලදසැලේ සේවකයින් දෙදෙනෙකු එම වෙලදසැලේ නිදා සිට ඇති අතර , ඔහුන් මතට පස් කන්ද කඩා වැටි ඇති බවයි පොලිසිය පැවසුවේ.
පස් කන්ද කඩා වැටිමෙන් එම වෙලදසැලේ අලෙවි කිරිමට තිබු භාණ්ඩ කිහිපයක්ද විනාශ වි ඇත.
මේ අතර තලවකැලේ නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය තිස්පනේ කැටබුලාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු (13) දින පස්වරු 2 සිට පස්වරු 6 දක්වා ඇණ හිට තිබුණි.
මේ අතර හැටන් ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුලං තත්ත්වය හේතුවෙන් විදුලි කණු සහ විදුලි රැහන් ගණනාවකට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, හැටන් නගරයේ ස්ථාන කිහිපකටම විදුලි බලය ඇණ හිට ඇත.
ඇණ හිට තිබෙන විදුලි බලය යථා තත්ත්වයට පත් කරන බව විදුලි බල මණ්ඩලය පැවසිය.
COMMENTS