දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. දිව...
දිවයින පුරා පුද්ගලයින් 8,000 ක් පමණ මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි.
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප‍්‍රදේශවල පමණක් පුද්ගලයින් 6,000 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව එහි ප‍්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසීය.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මේ වනවිට වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,053 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 4,488 ක්. ඒ අතරින් 1,197 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබයි. කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්වලින් ප‍්‍රතිකාර ලබා සුවය ලබා ඇති පුද්ගලයින් ගණන 3,278 ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
මේ අතර තාවකාලිකව සේවාවන් අත්හිටවු මිනුවන්ගොඩ පොලීසියේ කටයුතු ඊයේ පස්වරුවේ සිට යළි ආරම්භ කර තිබේ. විෂබීජ හරණය කළ එම පොලිස් ස්ථානයට නව නිලධාරීන් යොදවා එලෙස යළි සේවාවන් ආරම්භ කෙරෙන බව බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සදහන් කළේය.
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට පෙරේදා පස්වරුවේ තීරණය කෙරුණේ එම පොලිස් ස්ථානයේ රාජකාරී කළ නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කිරීම හේතුවෙනි. එම පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග අදාළ නිලධාරීන් නිරෝධායනය සදහා යොමු කෙරිණි.
COMMENTS