වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්රැම් හත්සිය පනහක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගු...
වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කල හදිසි වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් හයයි මිලිග්රැම් හත්සිය පනහක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් විසින් මොරටුව ප්‍රදේශයේ සිට ගුද මාර්ගයේ සගවාගෙන වැල්ලවාය දක්වා බස් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් හෙරොයින් පැකට් සීයක් මෙලෙස ගුද මාර්ගයේ සගවාගෙන ප්‍රවාහනය කර ඇති අතර සැකකරුවන් සිව්දෙනා සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකමක රුපියල් ලක්ෂ අටකට අධික බව පොලිසිය සදහන් කලේය.
අත්අඩංගුවට ගත් වැල්ලවාය ප්‍රදේශයට හෙරොයින් බෙදාහරින ප්‍රධාන පෙලේ ජාවාරම්කරුවන් බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔවුන් සන්තකයේ තිබී ජංගම දුරකථන,ඒ.ටී.එම් කාර්ඩ් ඇතුළු උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් කුඩාඔය සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසිතුන,තිස්දෙක,තිස් හය සහ හතලිස් දෙක යන වයස් වල පසුවන්නන් වන අතර සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.
COMMENTS