බෙලිඅත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී සොයාගත් අත් බෝම්බයක් පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරිහ...
බෙලිඅත්ත මිරිස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී සොයාගත් අත් බෝම්බයක් පුපුරවා හැරීමට පොලිස් විශේෂ කාර්යය බළකායේ හම්බන්තොට කඳවුරේ නිලධාරිහු ඊයේ(28) ක්‍රියාකළහ.
බෙලිඅත්ත මිරිස්වත්ත හෙරලිවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් එළිපෙහෙලි කළ පුද්ගලයකුට මෙම අත්බෝම්බය ඉකුත් 27 වැනිදා හමුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය දැනුම්වත් කර තිබිණි.
බෙලිඅත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේරත්න මහතාගේ උපදෙස් පරිදි ගම්වාසීන්ගේ ආරක්ෂාව උදෙසා අත්බෝම්බය පැවැති ස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණි.
මෙම අත්බෝම්බය විදෙස් රටක නිශ්පාදිත එස්එෆ්ජී-87 වර්ගයේ අත්බෝම්බයක් බවට පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරිහු හඳුනාගත්හ.
COMMENTS