දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආරණ්‍යවාසීව බුදුන් දෙසූ මඟ සෙවූ ඩෙන්මාර්කයේ අතිපූජ්‍ය ඥානදීප හිමියන් දිවිසැරියෙන් නික්ම යයි

ලග්ගල මහා වනාන්තරයේ තිස්වසරක කාලයක් ආරණ්‍යවාසීව  තම ධාර්මික ජීවිතය ගත කරමින් බුදුන් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් කළ ඩෙන්මාර්ක් ජාතික අති...

ආරණ්‍යවාසීව බුදුන් දෙසූ මඟ සෙවූ ඩෙන්මාර්කයේ අතිපූජ්‍ය ඥානදීප හිමියන් දිවිසැරියෙන් නික්ම යයි

ලග්ගල මහා වනාන්තරයේ තිස්වසරක කාලයක් ආරණ්‍යවාසීව  තම ධාර්මික ජීවිතය ගත කරමින් බුදුන් දේශනා කරන ලද ධර්ම මාර්ගයේ ගමන් කළ ඩෙන්මාර්ක් ජාතික අතිපූජ්‍ය ඥානදීප ස්වාමීන් වහන්සේ අපවත් වී ඇති බව සඳහන් වෙයි.

පසුගිය ජුනි මාසයේ දී උන්වහන්සේ රෝගතුරු වු අතර එහිදී ගුවන් හමුදාව මැදිහත් වීමෙන් උන්වහස්සේ වැඩ සිටි ලග්ගල ඇත්දත්ගල ආරණ්‍යය සේනාසනයේ සිට රෝහල් වෙත ගුවනින් ගෙන යාමටද කටයුතු කර තිබුණි.

වර්ෂ 1969 වසරේ දී බුදුන් දෙසූ නිවන් මඟ අවබෝධ කරගනු පිනිස මෙරටට පැමිණ සම්බුද්ධ සාසනයට ඇතුළු වන උන්වහන්සේ ධර්ම කරුණු අවබෝධයෙන් පසුව ආධ්‍යත්මික සුවය ලබනු වස් උන්වහන්සේ ආරන්‍යවාසීව තම ධාර්මික ජීවිතය ආරම්භ කළේය.

උන්වහන්සේ වසර 50ක කාලයක් ආරන්‍යවාසීව ගත කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් ලෙස බවුන් වැඩීමේ නිරත වූහ.

සම්බුද්ධ සාසනයේ චිරස්තථිය උදෙසා මෙන්ම ගිහි පැවිදි සියලු දෙනාගේ යහපත් උදෙසා කටයුතු කිරීමට උන්වහන්සේ තමන්ගේ කටයුතු කළේය. 

අපවත් වී වදාළ අති පූජ්‍ය ඥානදීප හිමියන් අරහත් ඵලයට පැමිණ සිටි බවද උන්වහන්සේගෙන් ධර්මය ඇසු සමහර උපාසක උපාසිකාවන් පවසා සිටියි.

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට දිනයේ එනම් 14 වැනි සඳුදා දින සවස උන්වහන්සේ වැඩම කළ සිටි  ඇත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ දී සිදු කිරීමට නියමිතව ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29554,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරණ්‍යවාසීව බුදුන් දෙසූ මඟ සෙවූ ඩෙන්මාර්කයේ අතිපූජ්‍ය ඥානදීප හිමියන් දිවිසැරියෙන් නික්ම යයි
ආරණ්‍යවාසීව බුදුන් දෙසූ මඟ සෙවූ ඩෙන්මාර්කයේ අතිපූජ්‍ය ඥානදීප හිමියන් දිවිසැරියෙන් නික්ම යයි
http://am.lk/media/k2/items/cache/34dd37e529d20095797166e5e0098ffa_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_443.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_443.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy