දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…
Homeප්‍රවෘත්ති

මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…

PropellerAds

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන් ම අත් හිටුවයි. මත්තල ගුව...

අත්අඩංගුවට ගත් ගණේමුල්ලේ සංජීව රහස් පොලිසියට! ප්‍රශ්න කිරීම්වලදී රහස් රැසක්!
ගෝඨාභයට මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂත්වය දෙන්න පොහොට්ටුව බෑ කියයි
කෙහෙළියගේ 113 තොන්ඩමන් නිසා නැතිවෙන්න ගිය හැටි හෙළිවෙයි
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන් ම අත් හිටුවයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් යානා ගෙන්වා ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඊට අදාළ නියෝග ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණි.

ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වල දී උපරිම පිටත් වීමේ බර මෙට්‍රික් ටොන් 1 ක් සදහා අය කෙරෙන ගොඩබැස්සවීමේ ගාස්තුව ඩොලර් 4 කි. ගුවන් යානා නතර කිරීමේ ගාස්තුව වන්නේ ගොඩබැස්සවීමේ ගාස්තුවෙන් 10%කි. මීට අමතරව මත්තල ගුවන් තොටුපළේ ගුවන් තොටුපළ අපනයන බද්ද අය කිරීම වසර 02 ක් සදහා සම්පූර්ණයෙන් ම අත්හිටුවීමට ද රජය තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි විය. මේ වන විට මුදල් අමාත්‍යාංශය ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කරමින් සිටින බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇමෙරිකානු ඩොලර් 60 ක් වන ගුවන් තොටුපළ අපගමන බද්ද අය කෙරෙනුයේ ගුවන් මගීන්ගෙනි. ඒ ඔවුන්ගේ ප්‍රවේශ ප්‍රත මිලෙන් සැලකිය යුතු ප්‍රමාණයකි. කලාපීය තරගකරුවන් හා සැසදීමේ දී ගමනාන්තයක් ලෙස සංචාරකයන්ගේ ආකර්ෂණයට අහිතකර ලෙස බලපාන බව ද අධ්‍යන මගින් හෙළි ව ඇතැයි පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා සහනාදායී ගුවන් සමාගම් ද මත්තල ගුවන් තොටුපළ අපගමන බද්ද කිසියම් කාලයකට අතහැර දැමීමට හෝ අඩු කිරීමට සලකා බලන ලෙස ඉල්ලීම් කර තිබු බවද පවසයි.

මීට අමතරව මත්තල ගුවන් තොටුපලේ බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීමට ද තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ වල බිම් මෙහෙවර සේවා (Ground Handling) ගාස්තු සෙසු කළාපීය ගුවන් තොටුපළට වඩා ඉහළ අගයක් ගනී. එය මත්තලට ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ශනයට බාධාවක් බැවින් මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා කියයි. ශ්‍රී ලංකන් සමාගම මේ සම්බන්ධයෙන් මේ වන විට කටයුතු ද කරමින් සිටි.

මත්තලට පැමිණෙන ගුවන් යානා සදහා සහන මිලට ඉන්ධන ලබාදීමට ද රජය තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ඛණිජ තෙල් සංස්ථාව සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. මෙම සහනය ලබාදීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. ඉදිරියේ දී මේ සම් බන්ධව ඛණිජ තෙල් සංස්ථාව සාධණීය ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද රණතුංග මහතා කියයි.

මේ සියළු පියවර ගන්නේ  මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කීරීම සදහා බව පවසන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඉදිරි මාස 06 ක කාලය තුළ මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස මත්තල ගුවන් තොටුපළ දියුණු කිරීම සිය අපේක්ෂාව බව ද පවසයි.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…
මත්තල ගුවන් තොටුපල ගුවන් යනාවලට වසරක් නොමිලේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNOZT76V9DmgleO2WC4Q8oOrwSe7eMR4E6WPd39KpU3IiskYUAEX0Bx3xgyxDLTHf_pdu4wFlW5DdplBS-pxA4Z4UXcRWxMo6iPsQGKlzqRBi4dgcRcW4yu-MBNaE98MOEPv8Q6HcdVF4/s320/mattala-airport-news.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNOZT76V9DmgleO2WC4Q8oOrwSe7eMR4E6WPd39KpU3IiskYUAEX0Bx3xgyxDLTHf_pdu4wFlW5DdplBS-pxA4Z4UXcRWxMo6iPsQGKlzqRBi4dgcRcW4yu-MBNaE98MOEPv8Q6HcdVF4/s72-c/mattala-airport-news.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_387.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_387.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy