දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක්

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන,...

පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක්

විදෙස් වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් මෙරට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා එම කර්මාන්තයේ නියුතු පිරිසට අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය හා වෙළඳපොළ අවස්ථා ලබා දීමට කඩිනමින් ව්‍යාපෘතියක් දියත් කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට උපදෙස් ලබා දුන්නේය. 

පොල්කටු යොදා ගනිමින් විස්මිත භාණ්ඩ රැසක් නිපදවා විදෙස් වෙළඳපොළ ජයගත් ප්‍රවීණ හස්ත කර්මාන්ත ශිල්පියකු වන මහනුවර, බෝවල, කොකා සෙලා ෂෙල් ක්‍රාෆ්ටිං ආයතනයේ (Coca sela shell Crafting)  හිමිකරු ඇම්. වසන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (21) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී තමන් හමු වූ අවස්ථාවේ වීරවංශ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවෙන් අනතුරුව වසන්ත ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය. 

"මම 1970 සිට පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටිනවා. පොල්කටු භාණ්ඩ නිෂ්පාදකයන් බොහෝ විට සිය නිෂ්පාදන සිදු කරන්නේ දේශීය වෙළඳපොළ ඉලක්ක කර ගෙනයි. මා ක්‍රම ක්‍රමයෙන් ජාත්‍යන්තරය දිනාගත හැකි පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය සිදු කළා. මගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා මගේ ශිල්පීය දැනුම මේ ක්ෂේත්‍රයේ කර්මාන්ත ශිල්පීන්ට ලබා දී ඔවුන් ද ජාත්‍යන්තරය ජයගත හැකි පොල්කටු භාණ්ඩ නිර්මාණකරුවන් බවට පත් කිරීමට. එය මට තනිවම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒ සඳහා රජයේ මැදිහත්වීම අවශ්‍යයි. 

අද මා කර්මාන්ත අමාත්‍යතුමන් හමු වී මගේ භාණ්ඩ ද එතුමන්ගේ අවධානයට ලක් කර මෙම කර්මාන්ත ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ මගේ බලාපොරොත්තුවත් ඒ සඳහා වන මගේ අදහසුත් පවසා සිටියා. ඊට සාවධානව ඇහුම්කම් දුන් විමල් වීරවංශ ඇමතිතුමා දීපව්‍යාප්තව පොල්කටු නිෂ්පාදන කර්මාන්තය සිදු කිරීමටත් කර්මාන්තයේ නියැලෙන පිරිස් වෙත ජාත්‍යන්තර තලයේ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දීමටත් මා ද සම්බන්ධ කර ගනිමින් ව්‍යාපෘතියක් සකසන ලෙස ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතාට ඒ මොහොතේම උපදෙස් දෙනු ලැබුවා. 

මෙම ‘පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය’ සමෘද්ධිලාභීන් ව්‍යවසායකයන් බවට පත් කිරීමට හැකියාව ඇති කර්මාන්තයක්. ගමේ පොළ ඉලක්ක කර ගෙන පොල්කටු භාණ්ඩ නිපදවා පලක් නැහැ. අපිට සාර්ථක ව්‍යවසායකයන් පිරිසක් බිහි කළ හැක්කේ විදෙස් වෙළඳපොළ ඉලක්කකරගත් පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තයක් බිහි කළහොත් පමණයි. මේ ශිල්පීන් පුහුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන, තාක්ෂණය ලබා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන් එකඟතාව පළ කළා. මෙම ජාත්‍යන්තර තලයේ පොල්කටු භාණ්ඩ නිෂ්පාදනය රට තුළ සිදුවන විට ඊට අදාළ අපනයන වෙළඳපොළ අවස්ථා නිර්මාණය කර දීමට ද අමාත්‍යතුමන් සූදානම් බව පැවසුවා."

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29550,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක්
පොල්කටු භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට පියවර රැසක්
http://am.lk/media/k2/items/cache/ff02e9aff6cbf87e3c8bc0e5e258ef1e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_380.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_380.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy