දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

2015 - 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතුයි

මෙරට පුද්ගලයින් අයි.එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පිළිබද එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම් ප...



මෙරට පුද්ගලයින් අයි.එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය පිළිබද එවකට පැවති ආණ්ඩුව අවධානය යොමු කළේ නම් පාස්කු ප්‍රහාරය මෙන්ම, ආණ්ඩු බලය අහිමිවීම සහ එක්සත් ජාතික පක්ෂය විනාශවීමද වළක්වා ගත හැකිව තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත ජනාධිපති කොමිසම හමුවේ ඊයේ කියා සිටියා.


මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් පිටුපස ශක්තිමත් මෙහෙයුම් බලවේගයක් තිබු බව තමන් විශ්වාස කරන බවයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ සාක්ෂි විමසීමක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කර තිබු ඉල්ලීමකට අනුව ජනාධිපති කොමිසම ඊයේ පස්වරුවේ මන්ත්‍රීවරුන් දෙදෙනා කැදවා තිබුණා.


එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ කෙටි සාක්ෂි ලබාදීමකින් පසු විජේදාස රාජපක්ෂ මහතා ඔහුගෙන් ප්‍රශ්න කර සිටියේ මෙරට  පුද්ගලයින් අයි.එස් සංවිධානයට සම්බන්ධවීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට මාස 30කට පෙර තමන් පාර්ලිමේන්තුවේදි කළ කතාව සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නම් පාස්කු ඉරුදින සිදුවූ විශාල මිනිස් ඝාතනය වළක්වාගන්න තිබුණා නොවේද යන්නයි.


එයට පිළිතුරු දෙමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සදහන් කළේ,


" ඔබතුමා විතරක් නෙමෙයි අන්තවාදය ගැන කිව්වේ. දිගන සිදුවීමෙන් පස්සේ මමත් සහරාන් ගැන පොලීසියට පැමිණිලි කළා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්න කියලා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂිදෙමින් කියා සිටියා ඔහු සහරාන් අල්ලන්න කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබාගෙන තිබුණා කියලා. අන්තීමට මොකද වුණේ. කව්ද නාමල් කුමාර කියලා කෙනෙක්ව දාලා සහරාන්ව අල්ලන්න ගිය නාලක ද සිල්වාව අල්ලලා හිරේ දැම්මේ. අන්න එකයි මම කියන්නේ අදෘශ්‍යමාන බලවේගයක් සහරාන්ව බේරගන්න වැඩකළා." යැයි මුජිබර් මන්ත්‍රීවරයා කියා සිටියා.


" මේ රටේ මුස්ලිම් ජනතාවට බෝම්බ පුපුරුවන්න තරම් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ නිසා සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමේ. මේකෙන් මුස්ලිම් ජනතාවට වුණ සෙතක් නැහැ. සමාජයෙන් කොන් වුන එක ඇරෙන්න. " මන්ත්‍රීවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසුවා.


මෙහිදි මන්ත්‍රීවරයා ජනාධිපති කොමිසම හමුවේ සංවේදිවෙමින් කියා සිටියේ " මම මගේ දරුවාව මුස්ලිම් පාසලකට දාලා තිබුනේ නැහැ. සහජීවනය ඉගෙනගන්න කොළඹ ජාතික පාසලකටයි දරුවව දාලා තිබුනේ. නමුත්  මේ සිදුවීමෙන් පස්සේ දරුවා සති දෙකක් ඉස්කෝලේ ගියේ නැහැ. මොකද ඉස්කෝලේ ගියාම අනිත් ළමයි කොන් කරනවා. අන්තීමට මට මගේ ළමයගේ ඉස්කෝලේ මාරු කරන්නත් වුණා. අන්න එකයි මම කියන්නේ මේ වැඩේ සහරාන් කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමේ. වෙන කාගේ හරි වුවමනාවකට. මම මේ ඒ කව්ද කියලයි හොයන්නේ " යනුවෙන්.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ,


" අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාත් එක්ක තිබුණ රූපවාහිනි විවාදයකදි කිව්වා, ' අපි පොට්ටු අම්මාන්ට නෙමේ, සහරාන්ටත් පඩි ගෙවලා තියෙනවා කියලා. ඒ කියන්නේ සහරාන් 2015 ට පෙර ඉදලම ඉදලා තියෙනවා. මම සැකකරනවා මේ ප්‍රහාරය පිටුපස වෙනත් බලවේගයක් ඉන්නවා කියලා. මෙවැනි මිලේච්ඡ දරුණු ප්‍රහාරයක් කරන්න ශක්තිමත් බලවේගයක් පිටුපස නොහිද බැහැ " යැයි මන්ත්‍රීවරයා කොමිසම හමුවේ සදහන් කළා.


මෙහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ ඔබේ ආරක්ෂකයින් මෙම ප්‍රහාරය පිළිබද පෙර දැනුවත්ව සිටියේ යැයි ඔබ ප්‍රකාශ කළ බව විදෙස් වෙබ් අඩවියක වාර්තා කර ඇත්නම් එය සත්‍යක්ද යන්නයි.


" බෝම්බ පිපිරුවාට පස්සේ මගේ ආරක්ෂකයින් මට කිව්වා ඔවුන්ගේ ප්‍රධානින් ප්‍රහාරයට පෙර ඔවුන්ව දැනුවත් කරලා තිබ්බා කියලා. නමුත් මගේ ආරක්ෂයින් ප්‍රහාරයට පෙර මා ඒ පිළිබද දැනුවත් කළේ නැහැ " යනුවෙන් මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ " 2015 - 2019 අතර පැවති ආණ්ඩුවේ ජාතික ආරක්ෂක කවුන්සලය සහ බුද්ධි සම්බන්ධිකරණ රැස්වීම් වලදි සහරාන් පිළිබද කරුණු ඉදිරිපත් කර තිබුණානම්, ඒ පිලිබද ආණ්ඩුවේ මුස්ලීම් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමක් සිදුව තිබුනේද යන්නයි.


" නැහැ ස්වාමිනි, ඒ ආණ්ඩුවේ හිටපු මුස්ලීම් මන්ත්‍රීවරුන් වන අපව ඒ පිළිබද දැනුවත් කර තිබුනේ නැහැ යයි මන්ත්‍රීවරයා පැවසුවා.


එහිදි ජනාධිපති කොමිසමේ සමාජික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ,

" ඔබ කියන්නේ " 2015 - 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතුයි කියන එක නේද...? "


මන්ත්‍රීවරයා ඔව් ස්වාමිනි යැයි පිළිතුරු ලබාදුන්නා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයෙකු විමසා සිටියේ,


" පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ ත්‍රස්තයින් සමග සිට පළාගියේ යැයි කියවුණු සාරා නැමැත්තිය මේ වන විට ඉන්දියාවේ සිටිනවා. ඇයව ලංකාවට ගෙන්නන්න කියලා ඔබ සදහන් කර තිබුණා නේද " යන්නයි.


" පාස්කු ඉරුදින මීගමුව කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ හස්තුන් නැමැත්තාගේ බිරිද, මෙම ත්‍රස්තවාදින් සමග මිය නොගිය බවත්, ඇය ඉන්දියාවට පළා ගිය බවත් මේ වන විට වාර්තා පළවෙනවා. ඇයට පළා යෑමට උපකාර කළා යැයි පසුගියදා පොලිස් නිලධාරියෙකුවත් අත්අඩංගුවට ගැනුනා. දැන් වර්තමානයේදි මාධ්‍ය වාර්තා පළවෙනවා මෙම තැනැත්තිය ඉන්දියාවේ ඉන්නවා කියලා. එහෙමනම් වර්තමාන රජයට විශාල වගකීමක් තියෙනවා මේ සාරාව ලංකාවට ගෙන්න ගන්න. ඒ පිළිබද වර්තමාන රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ යුතුයි. මොකද සාරාව ගෙන්න ගත්තොත් කව්ද මේකට සම්බන්ධ, කොහොමද මේක වුනේ කියලා සියලුම තොරතුරු සොයාගන්න පුලුවන්. " යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නා.


මෙහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි විමසා සිටියේ,


" ඔබ නූර්දින් මොහොමඩ් කියලා කෙනෙක්ව හදුනනවාද, ඔහු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක පිහි වගයක් සගවාගෙන ඉදලා අසුවුණා නේද...? 


" ඔව්, නුර්දින් මොහොමඩ් කියන්නේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්. ඔහුව මම අවුරුදු 10 ක වගේ ඉදලා දන්නවා. නමුත් අපි ඔය සිදුවීම ගැන දන්නෙත් ඔහු අත්අඩංගුවට ගත්තට පස්සේ. ඔහු කිව්වේ දිගන සිදුවීම් වලින් පස්සේ ආරක්ෂාවට තියාගන්න කියලා තවත් පුද්ගලයෙක් ඔහුට ගෙනත් දුන්නා කියලා. නමුත් අපි ඔහුට කිව්වා එක සුදුසු නැහැ කියලා " යැයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නා.


අනතුරුව ජනාධිපති කොමිසම මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව ලබාදුන්නා.


එහිදි මුජිබර් රහුමාන් මහතා, විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ,


" ඔබතුමා මීට පෙර ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙන අවස්ථාවේදි අන්තවාදයට සම්බන්ධ අයගේ නම් ලැයිස්තුවක් කියද්දි, මගේ නමත් කියලා තියෙනවා. එහෙම කිව්වේ මොනවගේ පදනමකින්ද ? "  යන්නයි.


එයට පිළිතුරු දෙමින් විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ,


" මම එක්කෙනෙක්ගේ නෙමේ නම් කිහිපයක්ම කිව්වා. හිස්බුල්ලා, අසාද් සාලිගේ නමුත් කිව්වා. ඒ වගේම 2016 නොවැම්බර් 18 දින මෙරට පුද්ගලයින් අන්තවාදයට සම්බන්ධ වෙනවා යැයි මම කතාවක් කලේ වගකීම් සහගතව. නමුත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔබ මෙම ප්‍රකාශය අභියෝග කළා. පාර්ලිමේන්තුවේ මෙවැනි වගකිම් සහගත ප්‍රකාශයක් කළාම ඒකට අභියෝග කරනවා කියන්නෙම ත්‍රස්තවාදයට අනුබලදීමක්. එවැනි හෙලිදරව් කිරීම් අභියෝගයට ලක්කිරීම තුළමයි මේ වගේ දැවැන්ත මිනිස් ජීවිත හානියක් වුනේ. ඒ කාලේ ආණ්ඩුව මගේ ප්‍රකාශය ගැන අවධානය යොමුකළානම්, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයයි, ආණ්ඩු බලය අහිමිවීමයි, එක්සත් ජාතික පක්ෂය විනාශවීමයි ඔය කියන 03 නම් නවත්තගන්න තිබුණා " යැයි මන්ත්‍රීවරයා පිළිතුරු ලබාදුන්නා.


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29538,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2015 - 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතුයි
2015 - 2019 ආණ්ඩුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුතුයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirIOLRvVCV5NNhEUCVHPO99NkiG7OYsFX2e_f8dB-G2TBfM8_mIqR5Xu5-KLgZq9TxDjFxeyoz54P3P9DhEfixSLwFsmHc4GMsaxRGuduCJke6k_vgQTpNKHrcIroD4wpZW4L_DV4Ho505/s16000/mujuber.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirIOLRvVCV5NNhEUCVHPO99NkiG7OYsFX2e_f8dB-G2TBfM8_mIqR5Xu5-KLgZq9TxDjFxeyoz54P3P9DhEfixSLwFsmHc4GMsaxRGuduCJke6k_vgQTpNKHrcIroD4wpZW4L_DV4Ho505/s72-c/mujuber.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/2015-2019.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/2015-2019.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy