දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘19’ ඇටවූ ජයම්පති ස්විට්සරලන්තයේ, වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙයි
Homeප්‍රවෘත්ති

‘19’ ඇටවූ ජයම්පති ස්විට්සරලන්තයේ, වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙයි

PropellerAds

19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි. එදා ...

"මා පිළිබඳව වැරදි රූපයක් රටට පෙන්වන්න උත්සාහ කරනවා" - ජනපති
ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරු පිරිසක් අගමැති හමුවෙයි
මෛත්‍රී - මහින්ද අතර අද විශේෂ හමුවක්
19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නේ, ඇමරිකානු ද්විත්ව පුරවැසි බැසිල් රාජපක්ෂට මන්ත්‍රීධූරයක් දීලා පාර්ලිමේන්තුවට ගෙනත් ඇමති කරන්නයි. එදා ජනාධිපති අතේ තිබුණ බලය අද, මහින්ද අගමැතිතුමාට ලැබිලා තියෙනවා. 19 අහෝසි කරාම, ඒ බලය නැවත ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට යනවා.

19 සංශෝධනය අහෝසි කරලා කරන්න හදන්නේ බලය අත මිට මොළවා ගන්නයි. ඒකට ඉඩ දෙන්නට ලංකාවේ ප්‍රගතිශීලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉඩ දෙන්නේ නෑ යැයි මාතලේ මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

විල්ගමුවේ පැවති රැස්වීමක් ඇමතමින් අදහස් දැක්වූ රෝහිණී කවිරත්න මහත්මිය, 1978 ව්‍යවස්ථාවෙත් ආණ්ඩුව පිහිටවලා වසරක් යනතුරු විසිරුවා හරින්නට බලයක් ජනාධිපතිට තිබුණේ නෑ. 19 සංශෝධනයෙන් එය වසර 4 ½ ක් දක්වා වැඩි කළා. එහෙම නොකලා නම්, මහින්ද රාජපක්ෂ අගමැති ආණ්ඩුව ගන්නේ 2018 ඔක්තෝබර් මාසේ. පාර්ලිමේන්තු ඡන්දයකින් අවුරුද්දක් යනකල් විසිරුවන්න බැරි නීතියක් 2015 දක්වාම තිබුණා. දැන් ඒකත් ඉවත් නැති කරන්න, ජනාධිපති කැමති දවසට විසිරුවන්න නීති හදන්න බව අලි ෂබ්රි අධිකරණ ඇමති කියනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වසර 4 ½ ට කලින් පාර්ලිමේන්තුව විසිරුවීමේ ගේ අවස්ථාව නැති වුනේ, 19 සංශෝධනය නිසයි. රාජ්‍ය නායකයෝ බලය බදා ගන්නා හැටි අපි දැකලා තියෙනවා. හැබැයි ජනාධිපති බලය අතහැරියේ, ජනාධිපති බලය අඩුකළේ 19 සංශෝධනයෙන් විතරයි. 19 අහෝසි කළොත්, ආයෙත් අගමැති මහින්දට වැඩිය, ජනාධිපති ගෝඨාභය බලවත් වෙනවා. මේක කරන්න තමයි, 19 අහෝසි කරන්න හදන්නේ යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.

ශ්‍රේෂ්ඨාධිකරණය යම් පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බව පැවසූ විට, ගත යුතු ක්‍රියාමාර්ග වෙනස් කිරීමට 19 අහෝසි කිරීම තුල යෝජනා වෙනවා. මේක ඒකාධිපති ආණ්ඩුවක් කරා ගමන් කිරීමේ මුලික පියවර වීම වැලැක්විය නොහැකියි. විධායකය, ව්‍යවස්ථාදායක සහ අධිකරණ අතර තියෙන තුලන හා සංවරනය බිඳ දැමූ රටකට ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්වමක් නෑ. 19 අහෝසි කිරීම ‘දේශපාලන පිට්පොකට් ගැහිල්ලක්.‘ අශීලාචාර වැඩක්.

මතුපිටින් පැණි තවරලා, තිත්ත ඒකාධිපති බෙහෙත පොවන්නට 19 සංශෝධනය අහෝසි කිරීම පියවර දෙකකින් කරන්න බැසිල් රාජපක්ෂ – අලි ෂබ්රි උත්සහ කරනවා. මේ රටේ පුරවැසියෝ දිගු කාලයක් සටන් කරලා තමයි ස්වාධීන කොමිෂන් සභා ඇති කළේ. කවුරුත් ඒවා කැමැත්තෙන් කළේ නෑ. අද 19 කෙටුම්පත් කරපු පුද්ගලයෝ දෙන්නාම, ජයම්පති වික්‍රමරත්න ස්විට්සර්ලන්තයේත්, ජේ.සී.වැලිඅමුණ ඕස්ටේ්‍රලියාවෙත් ‘සරණාගතයෝ වෙලා‘. 19 අහෝසි කළොත් රටටම සරණාගතයෝ වෙන්න සිද්ධ වෙනවා.

ආණ්ඩුවට තුනෙන් දෙකක් නැති වුනාට, තුනෙන් දෙකක් හොයාගෙන පස්ස දොරෙන් මන්ත්‍රී වෙන්න බැසිල් රාජපක්ෂ උත්සහ කරනවා. අයියා වෙනුවෙන් මල්ලි, ඇමති පුටුවක් හිස් කරගෙන තියාගෙන ඉන්නවා. අනුර ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත, ශාන් විජයලාල් සිල්වා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා එස්.බී. දිසානායකට පොල්කුඩු ටිකක් වත් නෑ. පස්ස දොරොන් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගේන්නේ ඊලඟ අගමැති කරන්න. අපි රටක් විදිහට දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදී මාවත, ආපසු හරවන්න බැසිල් රාජපක්ෂගේ පුද්ගලික අවශ්‍යතාවට ඉඩ දෙන්න බෑ.

පාර්ලිමේන්තුව තුල 19 සංශෝධනය ආපසු හැරවීම වැලැක්වීමට සමගි ජනබලවේගය කළ හැකි සෑම දෙයක්ම කරනවා. 19 රැකගන්න අපි පාර්ලිමේන්තුවේ විතරක් නෙවෙයි, සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ එක්ක, මහපාරේ සටන් කරන්නට සුදානම් යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය පැවසුවාය.

– media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29293,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘19’ ඇටවූ ජයම්පති ස්විට්සරලන්තයේ, වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙයි
‘19’ ඇටවූ ජයම්පති ස්විට්සරලන්තයේ, වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPWuWhyWy0Fq-6QkN3W0Hq-ZS8j6yXEgxXkN7664MU6JGHKiuoMK3mOWC8eBucS6tR_uPdDjOWgT-Jrq4M09klF9PtIrowQYzaH6EpqISg6XbH2l20TJMhoG8EEQW7SEEiUSiN5EKWYwc/s320/jayampathi-waliamuna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhPWuWhyWy0Fq-6QkN3W0Hq-ZS8j6yXEgxXkN7664MU6JGHKiuoMK3mOWC8eBucS6tR_uPdDjOWgT-Jrq4M09klF9PtIrowQYzaH6EpqISg6XbH2l20TJMhoG8EEQW7SEEiUSiN5EKWYwc/s72-c/jayampathi-waliamuna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/19_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/19_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy