සුළුතරයකට එකට ඉන්න පුළුවන් ලෝකයේ වඩාත්ම සුහදශීලි ජාතිය සිංහල බෞද්ධයන් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි. පොදුජන පෙරමුණු ජාතික...
සුළුතරයකට එකට ඉන්න පුළුවන් ලෝකයේ වඩාත්ම සුහදශීලි ජාතිය සිංහල බෞද්ධයන් බව ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කරයි.
පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ජාතීන් අතර ඉඩ හිට ප්‍රශ්න ඇති වීම සාමාන්‍ය දෙයක් බැවින් ඒවා විසඳා ගැනීමට හැකි බවය.
ගෝඨාභය රාජපක්ෂ මහතා තුලින් යකෙකු මැවූ බවත් පසුගිය මාස 08ක කාලය තුළ ජනාධිපතිවරයා ලෙස ඉතා ලස්සනට වැඩ කටයුතු ටික කරමින් සිටින බවද සබ්රි මහතා අවධාරණය කරයි.
අලි සබ්රි මහතා මෙම අදහස් පළ කළේ කුරුනෑගල පැවති පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමිනි.
COMMENTS