අධිතාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි ආනයනයන් සඳහා ආදේශක නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය සහ...
අධිතාක්ෂණ අපනයනය ප්‍රවර්ධනය කිරීමට සහ එවැනි ආනයනයන් සඳහා ආදේශක නිෂ්පාදන දිරි ගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානය සහ ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ජෛව තාක්ෂණ සමාගම් සහ ජෛව තාක්ෂණ පර්යේෂකයින්හට සිය අදහස් වාණිජමය නිෂ්පාදන දක්වා පරිවර්තනය කරනු පිණිස එක්ව කටයුතු කිරීමට අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ආයතනයක් වන ජාත්‍යන්තර ජාන විද්‍යාත්මක ඉංජිනේරු සහ ජෛව තාක්ෂණ මධ්‍යස්ථානය යෝජිත ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය සමග සහයෝගයෙන් කටයුතු කිරීම පිණිස එම සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ කලාපීය පර්යේෂණ මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. එමඟින් ඉන්සියුලින් සහ වර්ධක හෝමෝන ඇතුළු ජෛවීය ද්‍රව්‍ය 10ක් නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය එම ආයතනය විසින් වහාම පවරා දීමට එකඟතාව පළ කර ඇති අතර එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් වන බව රජය පෙන්වා දෙයි.
ඒ අනුව, හෝමාගම, පිටිපන, අරමවත්ත ප්‍රදේශයේ පිහිටි අක්කර 13.2ක ජෛව තාක්ෂණ නවෝත්පාදන උද්‍යානයක් ස්ථාපිත කිරීමට හා BiotechnoPlex ගොඩනැගිල්ල ඉදි කිරීමටත්, මීට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස භාණ්ඩාගාර ලේකම්වරයාගේ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සම සභාපතිත්වයෙන් මෙහෙයුම් කමිටුවක් සහ අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සැඳුම්ලත් තාක්ෂණික කමිටුවක් පත් කිරීමටත්, ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමටත් අදාළව මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS