දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට මේ මොහොතේ බෑ - අමාත්‍ය මහින්ද අමරවීර

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග රටේ සෑම අංශයකම ආදායම් අඩුවීමක් වාර්තා වි තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය අංශ විසින් දී ඇති කොවිඩ් 19  සෞඛ්‍ය උපදෙස් ම...


කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග රටේ සෑම අංශයකම ආදායම් අඩුවීමක් වාර්තා වි තිබේ. විශේෂයෙන් සෞඛ්‍ය අංශ විසින් දී ඇති කොවිඩ් 19  සෞඛ්‍ය උපදෙස් මත පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීමත්, ජනතාව තවමත් පොදු ප්‍රවාහණ සේවා භාවිතා කිරීමට පවතින බියත් නිසා බස් රථවලට ප්‍රමාණවත් තරම් සෙනගක් තවමත් වාර්තා වන්නේ නැත.

මේ නිසා පුද්ගලික බස් රථවල දෛනික ආදායම කළින් පැවැති තත්ත්වය හා සසඳන විට සියයට 50කටත් වඩා අඩුවී තිබේ.

එම නිසා පුද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් ආදායම් නොමැති බවත්, එම කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා රටේ දැනට පවතින ආර්ථික තත්ත්වය මත ඉන්ධන සහන ලබා දීම හෝ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නොහැකි තත්ත්වයක් පවතී.

බස් සංගම්වල ඉල්ලීම් සාධාරණ බව පිලිගන්නා නමුත් රටේ මහජනතාව ද විශාල පීඩනයකට ලක් ව සිටින මෙම අවස්ථාවේ බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීම කිසිසේත්ම සිදු කළ හැක්කක් නොවන බව ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් සමග පැවැති සාකච්ඡාවේ දී ඔවුන් විසින් කරන ලද ප්‍රධාන ඉල්ලීම් කිහිපයම  ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

ඒ් අනුව රුපියල් ලක්ෂ තුනක ණය මුදලක් රාජ්‍ය බැංකුවක් මගින් ලබා දීම,  කල්බදු වාරික සහන ලබා දීම හා රක්ෂණ වාරික සහන කාලයක් ලබා දීම වැනි ඉල්ලිම් කීහිපයක් ඉදිරිපත් කළ අතර අමාත්‍යවරයාගේ ඉල්ලිම පරීදි රජය විසින් එම සහන ලබා දීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබේ.

පුද්ගලික බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා මේ වනවිට ගෙන ඇති  සහන රැසකි.
රුපියල් ලක්ෂ 03ක ණය මුදලක් ලබා දීමට රාජ්‍ය බැංකු වෙත අවශ්‍ය ‌තොරතුරු ලබා දීම. තවමත් භාන්ඩාගාරයෙන් මේ සම්බන්ධව බැංකු දැනුම්වත් නොකිරීම හේතුවෙන් සුලු ප්‍රමිාදයක් ඇති නමුත් අමාත්‍යවරයා විසින් පසුගිය අමාත්‍ය මණ්ඩලයටද මේ පිලිබඳ තොරතුරු පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.
කල්බදු වාරික සහන දැනටමත් ලබා දි තිබේ.

රක්ෂණ වාරික ගෙවීම සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීම. 
ජාතික ගමනාගමන කොමිසම විසින් මේ වනවිට අන්තර්පළාත් බස් රථ සඳහා ලොග්සීට් ගාස්තු අයකිරීම මාස 06ක් යන තෙක් අත්හිටුවා තිබේ. එමෙන්ම ටෙන්ඩර් ගාස්තු සඳහා වාර්ෂිකව අය කරන මුදල ද මාස 06කට අත්හිටුවා තිබේ. එමගින් ජාතික ගමනාගමන කොමිසමට මෙතෙක් අහිමිවි ඇති ආදායම රුපියල් මිලියන 200කි. එමෙන්ම ජාතික ගමනාගමන කොමිසම විසින් පුද්ගලික බස් රථවලට සුලු වැරදිවලට අය කරනු ලබන දඩමුදල් අය කිරීම ද තාවකාලිකව නවත්වන ලද්දේ අමාත්‍යවරයා දුන් උපදෙස් පරිදිය.

මේ හැර බස්නාහිර පළාත් සභාව විසින් අයකරනු ලබන ලොග්සීට් ගාස්තු ද අගෝස්තු 31 තෙක් අය නොකරන ලෙස අමාත්‍යවරයා එම මගී ප්‍රවාහණ අධිකාරියට දැනුම් දුන්නේය.
පුද්ගලික බස් රථ සියයට 50කින් මගී ප්‍රවාහණ සේවා නැවැත්වීමට කටයුතු කළ ද, ලංගම සතු සියලුම බස් රථ මගී ප්‍රවාහණය සඳහා යොදවන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ගමනාගමන මණ්ඩලයට  උපදෙස් දුන්නේය.  ඒ් අනුව ලංගම සතු බස් රථ 5300ක් දිවයින පුරා ධාවනය වන අතර මගීන් වැඩි පුර ගමන් කරන මාර්ග සඳහා ප්‍රමුඛත්වය ලබා දි කටයුතු කෙරේ.

කෙසේ වුවද පුද්ගලික බස් රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලිම් අතිශයින් සාධාරණ ඒ්වා වුවත් මෙම වකතවනුව තුළ රට තුළ පවතින තත්ත්වය මත ඒ්වා ඉටු කිරීමට ඇති නොහැකියාව නිසා ඒ් සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29561,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට මේ මොහොතේ බෑ - අමාත්‍ය මහින්ද අමරවීර
බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට මේ මොහොතේ බෑ - අමාත්‍ය මහින්ද අමරවීර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWxSqt03Usr6ZDY-D4hLZD5z7OfsGAQG-LNTNLG87c9z2cYY7VFAgUN8ML_86BJutuBFIxYpR7PW-Lp1foDCGY2NJHwsYllL4vKHTnRmKQEPEPpEhEfSZEIOwnAqW1kl0NVEi5ifgtdhcQ/s640/mahinda+amaraweera.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgWxSqt03Usr6ZDY-D4hLZD5z7OfsGAQG-LNTNLG87c9z2cYY7VFAgUN8ML_86BJutuBFIxYpR7PW-Lp1foDCGY2NJHwsYllL4vKHTnRmKQEPEPpEhEfSZEIOwnAqW1kl0NVEi5ifgtdhcQ/s72-c/mahinda+amaraweera.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_496.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_496.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy