පසුගිය අවුරුදු 5ක පාලනය තුළ තාරුණ්‍යය පමණක් නොව වැඩිහිටි දෙමාපියන් පවා දැඩි පීඩනයකින් සිටි බව ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා පවසයි. එපමණක් නොව ...
එපමණක් නොව සතුන් පවා, පරිසරයට කළ හානිය නිසා පිඩාවට පත් වූ බව ඔහු සඳහන් කළේය.
රෝහිත අබේගුණවර්ධන මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියක අදහස දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
තරුණ තරුණියන් ලෙස සම දෙයක්ම රජයක් මඟින් ඉටුකර දෙන තෙක් බල නොසිට තමාගේ දෙපයින් නැගිටීමට කටයුතු කලයුතු බව ඒ මහතා පැවසීය.
කිසිම පොරොන්දුවකට නොරැවටී තරුණ තරුණියන් තමන්ගේ මතය අනුව කටයුතු කිරීමට පෙළඹිය යතු බවත් මෙහිදී ඔහු පැවසීය.
මේ වන විට රට ඉදිරියට ගෙන යාමට හොඳ එන්ජිමක් සහ බොඩියක් ඇති නිසා එයට අවශ්‍ය රෝද ටික සවි කිරීමට අවශ්‍ය නට් ටික තරුණ තරුණියන් විය යුතු බව මෙහිදී ඔහු කියා සිටියේය.
රජය ඉදිරියට ගෙන යාමටනම් තරුණ තරුණියන්ගේ දායකත්වය ඒ සඳහා ලබා දියයුතු බව වැඩි දුරටත් අදහස් දක්වමින් ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS