දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අද අහසින් පාත්වුණු අය ගෝඨාභයගේ අයිතිකරුවන් වගේ පෙනී ඉන්නවා.. කුඩු විකුණන උන් මට කුඩු ජාවාරම්කරුවෙක් කියනවා - ඇමති ප්‍රසන්න
Homeප්‍රවෘත්ති

අද අහසින් පාත්වුණු අය ගෝඨාභයගේ අයිතිකරුවන් වගේ පෙනී ඉන්නවා.. කුඩු විකුණන උන් මට කුඩු ජාවාරම්කරුවෙක් කියනවා - ඇමති ප්‍රසන්න

PropellerAds

කු ඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට  පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය ...

කිරිපිටිවල කිරිපිටි නැතුව හැමදේම තියෙනවා
රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්
"මධූෂ් අත්අඩංගුවට ගත් බවට තවමත් ඩුබායි රජයෙන් නිල දැනුවත් කිරීමක් නෑ" - රුවන්
කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් නිළධාරීන්ට  පසුගිය යහපාලන ආණ්ඩුව කාලයේ ජනාධිපති සම්මාන පවා ලබා දුන් බවත් පාතාලය හා කුඩු ජාවාරම මර්දනයට සහාය දෙන තමන්ට පාතාලයට හා කුඩු ජාවරමට සම්බන්ධ වූවන් මඩ ගැසීමට පටන් ගෙන ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අහසින් පාත් වුණු ඇතැමුන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අයිතිකරුවන් ලෙස පෙනී සිටන බව පැවසු ඇමතිවරයා පොහොට්ටුව විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ද අවධාරණය කරයි.

ජා-ඇල ප්‍රදේශයේ පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා භාරගත් දේශපාලන ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටුණු රටක්. ඒ රට ගොඩගැනීමේ වගකීම පැවරිලා තියෙන්නේ ගෝඨාභය මහත්තයාට. 2005 දී මහින්ද මහත්තයා භාර ගන්නකොට තිබුණෙත් මේ වගේම තත්ත්වයක්. එතකොට තිබුණේ ඍණ ආර්ථිකයක්. සුනාමියෙන් විනාශ වුණ රටක්. ලෝක ආහාර අර්බුදය නිසා රටේ ආහාර හිගයක් ඇතිවිමේ අවධානමක් තිබුණා. 30 වසරක යුද්ධය අවසන් කරලා මහින්ද මහත්තයා මේ රට සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කළා. සුද්දගෙන් පස්සේ මේ රටේ වරායවල්, ගුවන් තොටුපළවල් ආදී අධිවේගී මාර්ග ඉදි කරලා රට සංවර්ධනය කිරීමේ මෙහෙයුම ඇරඹුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. 2015 මැතිවරණයේ මේ රටේ ජනතාව යහපාලන බොරු වලට රැවටෙනවා. 2015 දී යහපාලන ආණ්ඩුවට අපි භාරදුන්නේ වැඩබිමක්. නමුත් යහපාලන ආණ්ඩුව මේ රට පහුගිය වසර හතරාමාර තුළ මුඩුබිමක් බවට පත් කළා. යහපාලන ආණ්ඩුවට කිසිම වැඩ පිළිවෙලක් තිබුණේ නෑ රට ගොඩගන්න. යහපාලන කාලය තුළ රට සමාජ, ආර්ථික හා දේශපාලනික වශයෙන් පිරීහීමකට ලක් වුණා.

අපි පොහොට්ටුව හැදුවේ තර්ජන මැද්දේ. අද දකුණු ආසියාවේ ශක්තිමත් ම දේශපාලන පක්ෂයක් බවට පොහොට්ටුව පත් වෙලා ඉවරයි. අපි දෙවැනි වන්නේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි. ඒ නිසා පොහොට්ටුව විනාශ කරන්නේ කිසිවෙකුට ඉඩ දෙන්න බෑ. ඒකට හුගදෙනෙක් උත්සාහ කරමින් ඉන්නවා. මිතුරු වෙසින් එන සතුරන්  පොහොට්ටුව විනාශ කරන්න හදනවා. පොහොට්ටුව රැකගන්න අපි ඕනෑම කැපකීරීමක් කරන්න ලෑස්තියි.

මේ දවස්වල අහසින් පාත් වෙච්ච මිනිස්සු එනවා ඔබේ ඡන්දය ඉල්ලගෙන. පසුගිය පළාත් පාළන මැතිවරණයේ දී, පසුගිය ජනාධිපතිවරණයේ දි අපි ඒ අයව දැක්කේ නෑ. මේ අය පෙනී ඉන්නේ ගෝඨාභය මහත්තයාගේ අයිතිකාරයෝ වගේ. මගේ වගකීම පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න පහුගිය වසර හතර හමාරේ දුක් විදපු අය වෙනුවෙන් පෙනී සිටීම. මම ඒක ඊයෙත් කළා. අදත් කරනවා, හෙටත් කරනවා. පොහොට්ටුවෙන් ඉල්ලන හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. ඒක බැසිල් ඇමතිතුමාත් කිව්වා.

මම මෙහෙම කථා කරනකොට සමහර අය කැමති නෑ. සමාජ මාධ්‍ය භාවිතා කරලා මට මඩ ගහන්න පටන් අරන්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. මම කට අරිනවාට යහපාලන නඩය බයයි. මට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ මහබැංකු හොරුන්ගෙන් සල්ලි ගත්ත යහපාලන කටු සූප්පු කරන අයයි, බැක්සයිඩ් රන්ජනුයි. මේ දෙගොල්ලොම එකම කාණ්ඩේ. යහපාලන සෙට් එකට තියෙන අභියෝගය ප්‍රසන්න රණතුංග. මට නම් මේ අය අභියෝගයක් නෙමෙයි. මට ගහන්න ඉස්සෙල්ලා ගෑවුණු මඩ සෝදගෙන එන්නයි මම ඔවුන්ට කියනවා.

පසුගිය දවස්වල මිනුවන්ගොඩ කුඩු ජාවාරමත් ඇල්ලුවා. මේක යහපාලන ආණ්ඩුව කාලේ ඉදලා කෙරුණ එකක්. යහපාලන ආණ්ඩුව මේ ගැන කිසිම පියවරක් අරන් තිබුණේ නෑ. අපි පත්වුණාට පස්සේ ගමේ පන්සලේ රැස්වීමක් තියලා පොලිසීයත් ගෙනල්ලා පොලිස්පතිතුමාටත් කියලා මේ කුඩු ජාවාරම මැඩලන්න කීව්වා. ඒ අනුව තමයි ඔය නාකොටික් ජාවාරම හෙළි වුණේ.  පහුගිය යහපාලන කාලේ මහා පරිමාණයෙන් පාතාලය හා කුඩු ජාවාරම ගම්පහ දිස්ත්‍රික්ක පුරා ව්‍යාප්ත වුණා. ඒවා අල්ලන්න කවුරුත් කටයුතු කළේ නෑ. යහපාලන ආණ්ඩුව කළේ මේ කුඩු ජාවාරමට සම්බන්ධ නාකොටික් අයට ජනාධිපති සම්මාන ලබා දීමයි. පහුගිය කාලේ සතොස ලාංඡනය ගහගෙන කුඩු ජාවාරම කෙරුණා. නැව් පිටින් රටට ආපු කුඩු ඇල්ලුවා කිව්වා. හැබැයි ඒවාට මොකද වුණේ. අපි කුඩු අල්ලන්න සහාය දෙනකොට, පාතාලය මර්දනයට කටයුතු කරනකොට  අපිට මඩ ගහන්නේ ඔය කුඩු වලට පාතාලයට සම්බන්ධ අයයි. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන මඩ ගැහුවත් අපි ඉදිරියට තැබු පය ආපස්සට ගන්නේ නෑ. මේ රට පාතාලයෙන් කුඩු වලින් තොර රටක් බවට පත් කිරීමට අපි දිවිහිමියෙන් කැප වෙනවා.”

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29299,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අද අහසින් පාත්වුණු අය ගෝඨාභයගේ අයිතිකරුවන් වගේ පෙනී ඉන්නවා.. කුඩු විකුණන උන් මට කුඩු ජාවාරම්කරුවෙක් කියනවා - ඇමති ප්‍රසන්න
අද අහසින් පාත්වුණු අය ගෝඨාභයගේ අයිතිකරුවන් වගේ පෙනී ඉන්නවා.. කුඩු විකුණන උන් මට කුඩු ජාවාරම්කරුවෙක් කියනවා - ඇමති ප්‍රසන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8iQGgpefnQNEHjLGCZO99jmTaglCEEZl-pCtmu1UaG8bwEs7Pi2avaPf_wDe4beCvhe98Wacq0pyXYGzF9Mx1c7JlvlG0vSRgCdFdCZTwsd34_0uclN4XLUtyYASr-EffIshYReJcttM/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8iQGgpefnQNEHjLGCZO99jmTaglCEEZl-pCtmu1UaG8bwEs7Pi2avaPf_wDe4beCvhe98Wacq0pyXYGzF9Mx1c7JlvlG0vSRgCdFdCZTwsd34_0uclN4XLUtyYASr-EffIshYReJcttM/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_101.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/blog-post_101.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy