මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම සමගි ජන බලවේගය සැඟවී ආ ආශිර්වාදයක් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක...
මහ මැතිවරණය ආසන්න වනතුරු නොසිට කලින්ම මැතිවරණ සටනින් ඉවත් වීම සමගි ජන බලවේගය සැඟවී ආ ආශිර්වාදයක් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
මීරිගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
තවදුරටත් ඔහු මැතිවරණ සටනේ සිටියේ නම් බුදුදහමට හා භික්ෂූන් වහන්සේලාට බැනීමට පටන් ගතහොත් එය සමගි ජන බලවේගයට බරපතල ගැටලුවක් වියහැකි බව ෆොන්සේකා මහතා පවසයි.
එසේ වූයේ නම් සමගි ජන බලවේගයට තිබෙන ඡන්ද ටිකත් අහිමි වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
මංගල සමරවීර මහතා ඉවත් වීම සම්බන්ධයෙන් සතුටු වන බව ඔහු අවධාරණය කරයි.
සමරවීර මහතාගේ ඉවත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වන රවී කරුණානායක මහතා පවසන්නේ එජාපයෙන් එළියට පැන ආරම්භ කළ නව පක්ෂයේ සැබෑ තත්වය අවබෝධ වීමෙන් පසු මංගල සමරවීර මහතාට තවදුරටත් ඔවුන් සමග සිටීමට නොහැකි වූ බවයි. කොකාගේ සුද පේන්නේ ඉගිලෙන්නට පටන් ගත් පසුව යැයිද ඔහු වැඩිදුරටත් පවසයි.
COMMENTS