ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය න...
ලෝක කුසලාන තරග පාවාදීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශයට ක්‍රීඩකයින් අනවශ්‍ය ලෙස කලබල වීමට අවශ්‍ය නොවන බව හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාලමහතා ප්‍රකාශ කර සිටියි.
ඔහු ඒ බව කියා සිටියේ පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
” තරග පාවා දීමේ සිද්ධියට සම්බන්ධ නැත්නම් ඇයි මේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් කලබල වෙලා ට්විටර් සටහන් තබන්නේ. ඇයි ඔවුන් මේ තොප්පිය දාගන්න හදන්නේ” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා විමසා සිටියි.
තිලංග සුමතිපාල හිටපු මන්ත්‍රිවරයාගේ එම ප්‍රකාශයට මහේල ජයවර්ධන මහතා අද පිළිතුරු ලබාදී තිබුණි. ඒ සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.
” මට කණගාටුයි. ඊළඟ වතාවේ තොප්පිය පැළදීමට පෙර සහ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔහු ගෙන් විමසා බැලීමට අප කටයුතු කරන්නම්. මන්ද ඔහුට ඒ විෂය පිළිබඳ විශාල අත්දැකීම් ඇති නිසා” යනුවෙන් මහේල ජයවර්ධන මහතා සිය ට්විටර් සටහනේ දක්වා තිබුණි.
COMMENTS