රුපියල් මිලියන 900 කට ආසන්න මුදලක් වැයකර ගල්කිස්ස ඇතුළු වෙරළ වැලි පුරවා ගොඩකිරීමේ ව්‍යාපෘතිය හරහා දැවැන්ත මුදලක් යටිමඩි ගසා ඇතිදැයි යන සැක...
රුපියල් මිලියන 900 කට ආසන්න මුදලක් වැයකර ගල්කිස්ස ඇතුළු වෙරළ වැලි පුරවා ගොඩකිරීමේ ව්‍යාපෘතිය හරහා දැවැන්ත මුදලක් යටිමඩි ගසා ඇතිදැයි යන සැකය මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද මහත්මිය පවසයි.
ඇතැම් විට රුපියල් මිලියන දෙසිය ගණනකින් මෙම අසාර්ථක ව්‍යාපෘතිය සිදුකර ඉතිරි මිලියන පන්සියය හෝ හයසියය කාගේ හෝ සාක්කුවකට දමාගෙන ඇතැයි සැක කිරීම සාධාරණ බව ඇය පෙන්වා දෙයි.
සමගි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
මුහුදු රළ ප්‍රචණ්ඩ වන වාරකන් කාලයේදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අනුවණ ක්‍රියාවක් බව ඇය පෙන්වා දෙයි. 'මොන මෝඩයද වාරකන් කාලෙට මේ වගේ වැඩසටහනක් පටන් ගන්නෙ. එක්කො මේක නොවැම්බර්-දෙසැම්බර් වගේ කාලෙකදි මේක කරන්න තිබුණා' යනුවෙන් ඇය සඳහන් කරයි.
COMMENTS