මු ලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ සිදු වූ මරණවලට හේතුව නව කොරෝනා නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. වයස්ගත පුද්ගලයින් දෙදෙනෙ...
මුලතිව්හි නිරෝධායන මධ්‍යස්ථානයක ඊයේ සිදු වූ මරණවලට හේතුව නව කොරෝනා නොවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. වයස්ගත පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇති අතර සමාන්‍ය හේතුන් නිසා මරණ සිදු වී ඇති බවයි වෛද්‍ය පරීක්ෂණවලින් වැඩිදුරටත් තහවුරු වී ඇත්තේ.
මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිය එම පුද්ගලයින් දෙදෙනා විවිධ රෝග වලින් සිට ඇති බවත් ගුවන් හමුදා වෛද්‍යවරුන් ද ඔවුන්ට ප්‍රතිකාර ලබාදීම අවස්ථා කිහිපයකදීම සිදුකළ බව මෙහිදී හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියා.
වයස්ගතවීම නිසා ඇතිව තිබු සාමාන්‍ය අසනීප තත්ත්වයන් හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනා මියගොස් ඇති බවට වෛද්‍ය පරීක්ෂණ වලදී අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

COMMENTS