විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. එහි ප්‍රථම අදියර ක්‍රියාත්ම...
විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචිය ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
එහි ප්‍රථම අදියර ක්‍රියාත්මක වන්නේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සඳහා යාමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රමිකයින් වෙනුවෙනි.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රධාන කාර්යාලය, සියලු පළාත් සහ දිස්ත්‍රික් කාර්යාලවලදී ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.
මැදපෙරදිග ඇතුළු සෙසු රටවල් සඳහා ලියාපදිංචිය ඉදිරියේදී ආරම්භ කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.
කොරෝනා වසංගය හේතුවෙන් විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම අත්හිටවූයේ පසුගිය මස 13 වැනි දා සිටයි.
COMMENTS