කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තියට අමතරව මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක...
කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තියට අමතරව මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.
මේ මාසයේ ගත වූ දින 17 තුළදි ඩෙංගු රෝගීන් 200 ත් 300 ත් අතර සංඛ්‍යාවක් වාර්තා වූ බවත් අප්‍රේල් මාසයේදි රෝගීන් 400 ක් පමණ වාර්තා වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු හේතුවෙන් සිදු වූ මරණ 20 ක් පමණ වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබුණත්, සෑම වසරකදීම ජූනි, ජූලි, අගෝස්තු මාසයන්හි ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් පෙන්වන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ සමස්ත ලෙස ඩෙංගු රෝගීන් 19000 ක් ද, මරණ 150 ක් පමණ ද වාර්තා වී තිබේ.
COMMENTS