එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරමින් සමගි ජන ජන බලවේගයට එක් වූ සිය පක්ෂය පක්ෂයේ සාමාජිකයන් පිළිබඳව විනය කටයුතු සිංහල හා ද...
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරමින් සමගි ජන ජන බලවේගයට එක් වූ සිය පක්ෂය පක්ෂයේ සාමාජිකයන් පිළිබඳව විනය කටයුතු සිංහල හා දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කඩිනමින් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ ඉහළම නිලයක් දරන්නෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.
සිය අනන්‍යතාවය හෙළිදරව් නොකර යන පදනම මත අදහස් ප්‍රකාශ කළ ඔහු සඳහන් කළේ කොරෝනා වෛරසය නිසා ඇතිවූ තත්ත්වය නොවන්නට මේ වන විට සමග ජන බලවේගය මේ පිරිස සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන අවසන් බව ය.
විනය කැඩීම සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දීම ඒ සම්බන්ධයෙන් ලිඛිතව පිළිතුරු ලබාගැනීම මෙන්ම විනය පරීක්ෂණයට සහභාගි වීම කොරෝනා අර්බුදය හමුවේ කළ නොහැකි කරුණක් බවද පෙන්වා දුන්නේය .
ඉදිරි දින කිහිපයෙන් පසු රටේ තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනු ඇති බව විශ්වාස කරන බවත් ඒ තත්ත්වය මත විනය ක්‍රියාමාර්ග කඩිනමින් කරන බවත් ඔහු සඳහන් කරන ලදී .
සමගි ගැන බලවේගයජන බලවේගයට ගිය පක්ෂය පිරිස සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කුමක්දැයි ඒෂියන් මිරර් අප ඔහුගෙන් විමසූ අතර ඔහු සඳහන් කළේ තමන්ගේ පෞද්ගලික මතය නම් එක්සත් ජාතික පක්ෂය සමග ජනබලවේගය පිරිස කර තිබෙන්නේ විනය විරෝධී කටයුත්තක් බැවින් ඔවුන් පක්ෂයෙන් නෙරපිය යුතු බව ය .
COMMENTS