ම හමැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් බලයක් මේ මොහොතේ ජනාධිපතිවරයා සතුව නොමැති බවත් ඒ පිළිබඳ සියලු තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින් බ...
මහමැතිවරණයට දින නියම කිරීම සම්බන්ධයෙන් බලයක් මේ මොහොතේ ජනාධිපතිවරයා සතුව නොමැති බවත් ඒ පිළිබඳ සියලු තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිසම විසින් බවත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
"පාර්ලිමේන්තුව නැවත කැඳවීමද, මැතිවරණ පැවැත්වීමද, එසේ නැත්නම් මේ කොරෝනා වෛරසය ලෝකයම ඩැහැගන්න වෙලාවෙ එය පාලනය කරලා, එය සමනයකට පත්කිරීමද කළ යුත්තේ කියන ප්‍රශ්නය පළවෙනි එක. ඒකට සහයෝගයක් ලැබෙනවා නම් පාර්ලිමේන්තුව කැඳවීමෙන් මම ඒකට විරුද්ධ නෑ. හැබැයි සමාජයේ මේ රටේ ඕනෑම පුරවැසියෙකුගෙන් ඇහුවොත් ඒ ප්‍රශ්න දෙකම මේ වෙලාවෙ දෙවැනි තුන්වැනි තැනට දැමිය යුතුයි කියන එකයි මතවාදය.
පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන්නෙ මැතිවරණ කොමසාරිස්තුමා සතුව. ජුනි මාසෙ දෙවනිදායින් පසුව පාර්ලිමේන්තුව කැඳවනවාද එසේ නැත්නම් මොකද්ද තීරණය කරන්න තව කල් තියෙනවා ඒ සම්බන්ධව. මේ මොහොතේ මැතිවරණයක් තියන්න ඕනෙයි කියලා මැතිවරණ කොමසාරිස් හිතනවා නම් ඔහුට දින නියම කරන්න පුළුවන්. ජනාධිපතිතුමාට නෙවෙයි ඒ බලය තියෙන්නෙ මේ මොහොතේ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

COMMENTS