කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බව සෞඛ්‍ය ...
කොවිඩ් -19 පොකුරු වර්ධනය වීම හෝ නොවීම පිළිබඳව මෙන්ම සමාජයේ අලුතින් පොකුරු ඇතිවීම හෝ නොවීම පිළිබඳව මේ මොහොතේ අනාවැකි පළකළ නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
තවදුරටත් එම පොකුරු ආශ්‍රිතව සහ නාවික හමුදා සෙබළුන්ගේ ස්පර්ශකයන් ආශ්‍රිතව ආසාදිතයන් මතුවේදැයි දැඩි විමසිල්ලෙන් සිටීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තක් බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.
නාවික හමුදා සෙබළුන් අතර සිටිය හැකි බවට සැක කරන ආසාදිතයන් සොයා ගැනීමේ කටයුතු මේ වනවිට අවසන් භාගයට පැමිණ ඇති බවත් රෝග ව්‍යාප්ති පාලනයට සියලු පියවර මේ වනවිටත් ගෙන ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
COMMENTS