කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ...
කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරිමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටරයක් හෝ පවත්වාගෙන යාම වෛරසය පැතිරීම වැලැක්විම සඳහා සුදුසුම ක්‍රමයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
නිතර සබන් යොදා තත්පර 20ක් පමණ ගෑස් සේදීම, අපිරිසිදු දෑත් වලින් ඇස් නාසය සහ මූඛය නොඇල්ලීම, කහින විට හෝ කිවිසුම් යන විටවැලමිටෙන් ඇතුල් පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කර ගැනිම වෛරසය ආසාදනය වීම අවම කරගැනිමේ මූලික කරුණු අතරට අයත් වේ.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිරෝගී පුද්ගලයෙකු සඳහා මුඛ ආවරණ භාවිතය මෙතෙක් නිර්දේශ කර නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
COMMENTS