දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
Corona : මෙය බිහිසුණු අවස්ථාවක්.. ශ්‍රී ලංකාවට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් - කරු ජයසූරිය
Homeප්‍රවෘත්ති

Corona : මෙය බිහිසුණු අවස්ථාවක්.. ශ්‍රී ලංකාවට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් - කරු ජයසූරිය

PropellerAds

හි ටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ල...

චිචී ට කඩුල්ල වහල ගහන්න බැරිවෙයි... බිංදුවකට දැවී යයි
ජීවත් වෙන්න බෑ...දියණියන් තිදෙනාට වස පොවා මවත් වස බොයි!
මම වගකීමෙන් කියනවා, මේ ආණ්ඩුව තව අවුරුදු 15කටවත් වට්ටන්න හම්බෙන්නේ නෑ - දුමින්ද සිල්වා
හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ මොහොත වන විට එය ශ්‍රී ලංකාව කෙරෙහිද සිදුකොට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබේ.
ලොව දියුණු රටවල් මෙම උවදුර හමුවේ පත්ව ඇති අසරණ තත්වය දෙස බලන කල ශ්‍රි ලංකාව වැනි අඩු ආදායම් තත්වයක් සහිත රටකට එය කෙතරම් අභියෝගයක් දැ’යි අනුමාන කළ හැක.

මේ තුළින් එදිනෙදා ජන ජීවිතයට සිදුවන හානිකර බලපෑම මේ මොහොතේ මෙන්ම දිගුකලක් බලපැවැත්වෙනු ඇත.

රට තුළ නිෂ්පාදන ක්‍රියාවලිය සහ සකලවිධ ආදායම් මාර්ග කෙරෙහි වන බාධා නිසා ඇතිවන මුල්‍යමය ශක්තිය පිරිහීම සෑම පුද්ගලයෙකුටම විශාල පීඩනයක් ඇති කරයි. විශේෂයෙන්ම එදිනෙදා උපයන ආදායමෙන් ජීවිකාව සලසා ගන්නා ජනතාව අතිශයින් බරපතල අවධානමකට මුහුණ පා තිබේ.

මෙවන් ජාතික ව්‍යසනයක් හමුවේ රට වැසියන් එකමුතුව, වගකීමෙන් යුතුව බුද්ධිමත්ව ක්‍රියා කිරිමත්, දේශපාලන නායකත්වය පටු අරමුණුවලින් තොරව නිවැරදි තීන්දු ගැනීමත් පැහැරහල නොහැකි වගකීමකි.

මෙම බිහිසුණු අවස්ථාවේ සියලු පාර්ශවයන්හි අදහස් ලබාගැනීම සඳහා සර්ව පාක්ෂික ජාතික සමුළුවක් කැඳවීම හෝ පාර්ලිමේන්තුව කැඳවීම වැදගත් වනු ඇති බව පෙනී යයි.

රජයේ හා පෞද්ගලික අංශයේ නිවාඩු ලබාදීම, පාසල් හා අනෙකුත් අධ්‍යාපන ආයතන වසා තැබීම, අත්‍යාවශ්‍ය සේවා සැපයීම වැනි අනෙකුත් වැදගත් තීන්දු තීරණ ගැනීමේදී එවන් ජාතික මණ්ඩලයක සාමුහික අදහස් ඔස්සේ ලොව බොහෝ රටවල් මේ ආකාරයේ අභියෝග සාර්ථක ලෙස ජයගෙන ඇති බවද පෙන්වා දෙමි.

එබඳු ප්‍රවේශයක් කෙරෙහි හැකි ඉක්මණින් අවධානය යොමු කරන ලෙස ගරු ජනාධිපතිතුමන් ඇතුළු රජයට සත්භාවයෙන් හා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.

කරු ජයසුරිය
හිටපු කථානායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: Corona : මෙය බිහිසුණු අවස්ථාවක්.. ශ්‍රී ලංකාවට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් - කරු ජයසූරිය
Corona : මෙය බිහිසුණු අවස්ථාවක්.. ශ්‍රී ලංකාවට ඇති බලපෑම අතිශයින් බැරෑරුම් - කරු ජයසූරිය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlhjBHxvmbVASyZwCzTyTt8gqQogV5pXeBDjsK28c-7l6Z96QUE4YkY6NHkd6ePbAdRRO2cYUUZKMzY_i8c-Paf0FrjkuBBF-TR28sPgBJfvUUFvu5OOPeZ9FUeJdKu077MEcec12S-RzL/s320/karu.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhlhjBHxvmbVASyZwCzTyTt8gqQogV5pXeBDjsK28c-7l6Z96QUE4YkY6NHkd6ePbAdRRO2cYUUZKMzY_i8c-Paf0FrjkuBBF-TR28sPgBJfvUUFvu5OOPeZ9FUeJdKu077MEcec12S-RzL/s72-c/karu.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/corona.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/corona.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy