ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මහමැතිවරණයෙන් නියත වශයෙන්ම තුනෙන් දෙකක බලයක් ලබාගන්නා බවත් අතරමං වූ එක්සත් ජාතික පාක්ෂිකයන් සන්ධා...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මහමැතිවරණයෙන් නියත වශයෙන්ම තුනෙන් දෙකක බලයක් ලබාගන්නා බවත් අතරමං වූ එක්සත් ජාතික පාක්ෂිකයන් සන්ධානයට පිළිගන්නා බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතාගෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ආරාධනය පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
“ගිලෙන බෝට්ටුවලට නඟින්නේ කවුදැයි“ පිළිතුරු දුන් අමාත්‍යවරයා, ප්‍රතිපත්ති මාලාවක් සහිතව ශක්තිමත් සන්ධානයක් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොඩනඟා ඇතැයි ද පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා පිටුපස යෑමට අවශ්‍ය නැතැයි ද පැවසු ඒ මහතා, නිසැක වශයෙන්ම මැතිවරණයේ දී තුනෙන් දෙකක බලයක් පොහොට්ටුව ලබා ගන්නා බවත් අතරමං වු එජාප පාක්ෂිකයින් ද එයට එකතු වෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS