ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීම පිළිබඳව පොදුජන පෙරමුණේ ඇමතිවරු හා මන්ත්‍රීවරුන්...
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ධුරය හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීම පිළිබඳව පොදුජන පෙරමුණේ ඇමතිවරු හා මන්ත්‍රීවරුන් අති බහුතරයකගේ විරෝධය එල්ල වී තිබෙන බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ඊයේ (17) පැවති රැස්වීමකින් අනතුරුව සිරිසේන මහතා නව සන්ධානයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.
සිරිසේන මහතාම නියෝජනය කරන පොලොන්නරුව දිස්ත්‍රිකක්යේ රොෂාන් රණසිංහට අමතර ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, දිලුම් අමුණුගම යන මන්ත්‍රීවරුන් ප්‍රසිද්ධියේම සිරිසේන මහතාට විරෝධය දක්වන්නන් වේ.
ඊට අමතරව පොදුජන පෙරමුණ සන්ධානයේ විමල් විරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හැරුණු කොට අති බහුතරයක් මන්ත්‍රීවරු සිරිසේන මහතාට සභාපතිත්වය දීම සම්බන්ධයෙන් සිටින්නේ දැඩි කණස්සල්ලෙනි.
කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක සන්ධානයකින් තරඟ කරන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නය පොදුජන පෙරමුණේ බොහෝ මන්ත්‍රීවරුන් නගමින් සිටියි.
COMMENTS