එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරග කිරිමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අවධානය යොමුව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මන...
එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් වී ඉදිරි මහ මැතිවරණයේදී තනිව තරග කිරිමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අවධානය යොමුව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ලබන 27 වන දින තීරණයක් ගැනිමට නියමිත බවයි.
නුවරඑළියේ පැවැත්වෙන දෙමළ ප්‍රගතිශිලී සන්ධානයේ දේශපාලන මණ්ඩලයේදී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගනු ඇති බව ද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
COMMENTS