‘හඬ පට’ සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක පමණක් නොව ඔහු දේශපාලනයට ගෙනා උදවියත් අද වගකිව යුතුව ඇතැයි හිටපු ...
රන්ජන් චිත‍්‍රපට කර කර හිටියානම් අද මෙවැනි චෝදනා ඔහුට එල්ල නොවන බවද පැවසූ මන්තී‍්‍රවරයා ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් කිරීමට පියවර ගතහොත් එම තීරණයට තමා අත ඔසවන්නේ නැතැයිද කීවේය.
රන්ජන් රාමනායක බලපත‍්‍ර නැතිව පිස්තෝලයක් ළඟ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගත් මොහොතේ තමා එම ස්ථානයට ගියේ ඔහු පක්‍ෂය වෙනුවෙන් කළ කැපවීම ගැන සිතා බවත් හඬ පට සිද්ධිය දැන ගත්තේ පසුව බවත් පැවසූ මන්තී‍්‍රවරයා රන්ජන් රාමනායක පක්‍ෂයෙන් ඉවත් කළහොත් ඔහුට යන එන මං නැතැයිද කීවේය.
රන්ජන් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ කරගත් උදවියත් මේවාට වගකිව යුතු යැයිද පාලිත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
නෝමන් පළිහවඩන

COMMENTS