රටක පාලකයින් වැරදි සිදු කරන විට ඒ වෙනුවෙන් දඩුවම් විඳීමට සිදුවන්නේ ජනතාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි. මහනුවරදී ම...
රටක පාලකයින් වැරදි සිදු කරන විට ඒ වෙනුවෙන් දඩුවම් විඳීමට සිදුවන්නේ ජනතාවට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, හඬපට නිකුත් වීම තුළ රටේ පාලකයා නිදා ගෙන අන්දරේ රට පාලනය පරිසරයක් පසුගිය යහපාලන ආණ්ඩුව තුළ ඇතිව තිබෙන බවත්ය.
අන්දරේට කඩුව දුන් විට පාලක තන්ත්‍රයේ ප්‍රතිපත්ති කිසිවිටෙකත් ක්‍රියාත්මක කළ නොහැකි බවත් පැවසු ඒ මහතා, ඒ ප්‍රතිඵල තුළ අහිංසක මිනිසෙක් උසාවියට ගිය පසු රටේ නීතියෙන් දැඩි තීන්දු දුන් බවත් පැවසීය.
රංජන් රාමනායක මහතා නොව මෙහි වැරැද්ද කර ඇත්තේ රටේ පාලකයින් බවත් පැවසු ඒ මහතා, “අන්දරේට කඩුව දීලා අන්දරේ ලව්වා මේ දේවල් කරන්න ගිය එකේ ප්‍රතිඵලය අද භුක්ති විඳීමට සිදුව ඇතැයි“ ද කියා සිටියේය.
අහිංසකයෝ දඩුවම් විඳින බවත් රාජ්‍ය පාලකයින් හා වැරදිකරුවන් සියලු දෙනා අද ඉතා සුවසේ සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.
COMMENTS