ම හත් ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සමාජජාල ක්‍ර...
මහත් ආන්දෝලනයට තුඩු දී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬපට සමාජගත වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව සමාජජාල ක්‍රියාකාරිකයකු වන අශේන් සේනාරත්න යන අයගෙන් පැය තුනක පමණ කාලයක් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (12දා) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මෙම ප්‍රශ්න කිරීම්වලදී අදාළ හඬපට සමාජගතවීම සම්බන්ධයෙන් ඔහුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද පොලිස් මූලස්ථාන ජේයෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.
සමාජ ජාල ක්‍රියාකාරකම්වලට අදාළව තමා රන්ජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මාදිවෙල පිහිටි නිවෙසට ගොස් ඇති බවද ඔහු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඒ බවපිළිගෙන ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
තවද මෙම ආන්දෝලනාත්මක හඬපට සමාජගත වීම සම්බන්ධයෙන් සැක කෙරෙන රන්ජන් රාමනායක මහතාගේ මාදිවෙල නිවෙසට නිතර ගොස් ඇති පුද්ගලයන් කිහිපදෙනකුගේ නම්ද මොහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇති බවද එම ජේයෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
එසේම රන්ජන් රාමනායක මහතාට අයත් හඬපට ඇතුළත් දෘඪාංග තැටි ත්‍රිරෝද රථයේ අමතක වී දමා ගිය පුද්ගලයා සොයා පොලිස් විමර්ශන ආරම්භ වී ඇති බවද පොලිස් මූලස්ථාන ජේයෂ්ඨ නිලධාරියා කියා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසය මීට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරයි.
චාමර අමරසූරිය

COMMENTS