රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා මේ වනවිට පත්කර ඇති සහ පත් කිරීමට නියමිත ආයතන ප්‍රධානීන් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ව...
මෙතෙක් පැවති සාමාන්‍ය ක්‍රමවේදය වූ පවත්නා රජයේ සහ විෂයභාර ඇමතිවරුන්ගේ හිතවත්කම් සබඳතා මත ආයතන ප්‍රධානීන් පත් කිරීම වෙනුවට මෙවර විශේෂ කමිටුවක් විසින් නිර්දේශ කරන පුද්ගලයන් රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට නියමිත වේ. ඒ අනුව ජනවාරි මාසය ඇතුළත සියලු පත් කිරීම් අවසන් කිරීමට නියමිතය.
සුදුසුකම් හා අත්දැකීම් පරීක්ෂා කර බලා සුදුසුම අයට අදාල පත්වීම් ලබාදෙන බැවින් ඔවුන්ට සිය හැකියාවන් පෙන්වා ආයතන ඉදිරියට ගෙනයාම සඳහා වසරක් ප්‍රමාණවත් වන බවයි ජනාධිපතිවරයාගේ අදහස වී තිබෙන්නේ.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙන්නේ පළමු වසර අවසානයේ ප්‍රගතියක් අත්පත් කර නොගන්නා ඕනෑම ආයතන ප්‍රධානියෙකු ගෙදර යෑමට සූදානම්ව සිටිය යුතු බවයි. පෞද්ගලික හිතවත්කම් මත හෝ වෙනත් කිසිදු හේතුවක් මත එය වෙනස් නොවන බවත් තමාට වැදගත් වන්නේ රට මිස පෞද්ගලික හිතවත්කම් හෝ පුද්ගලයන් නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
COMMENTS