රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සාකච්ඡා කොට විපක්ෂ නායක ධුරය සඳහා විසඳුමක් සෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිම...
රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සාකච්ඡා කොට විපක්ෂ නායක ධුරය සඳහා විසඳුමක් සෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වු මන්ත්‍රීවරයා,
"මම හිතන්නේ කතා කරයි කියලා නිරෝෂන් පෙරේරාට කණ්ඩායම් රැස්වීමේදී වට කරන් ගහපු එකයි , ප්‍රතිපාදන කපපු එකයි අභියෝගයට පුද්ගලයන් බිහි කරපු එකයි මේ ගැන හරියට කටයුතු කළා නම් කතෝලික ජනතාව පමණක් නෙවෙයි බහුතර ජනතාවගේ සැකය දුරුකොට රජයේ වගකීම ඉටුකරන්න තිබුණා. රජයේ නියෝජනය කරන ඇමතිවරු කරපු ප්‍රකාශ සංඝරත්නය සමග එකට කටයුතු නොකිරීම රජයට තිබූ විරෝධය සජිත්ගේ කරපිටින් ගියා. සියලුදෙනා පරාජය භාරගත යුතුයි විපක්ෂයේ කාර්යභාරයට එ.ජා.ප.ය කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි. එ.ජා.ප.යේ කල්ලි තියාගෙන විපක්ෂයේ කාර්යය කළොත් තවදුරටත් විපක්ෂයේම තමයි. විපක්ෂ නායක ධුරයට මන්ත්‍රීවරු ගණනාවක් ලිපියක් ලියලා අත්සන් කරලා තියෙනවා. බලාපොරොත්තුවත් පක්ෂයේ ඇතුළේ තියෙනවා රනිල්, සජිත් කතාකරලා විසඳුමක් සොයයි කියලා. මන්ත්‍රීවරු ගණනාවක් සජිත් විපක්ෂ නායක කරන්න කියලා තියේනවා. මහමැතිවරණය එ.ජා.ප.යට අතහරින්න බැහැ මහමැතිවරණය අතහරිනවා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අතහැරීම හා සමානයි. "
COMMENTS